හරක් කටා සහ කුඩු සළිඳු රටට ගෙන්වා ගැනීමේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායමක් මැඩගස්කරයට….

කෝටිපති ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටිමින් සිය කුඩු සල්ලි ආයෝජන අවස්ථාවක් සොයගෙන පැමිණ සිටි අවස්ථාවේ    මැඩගස්කරයේ ඉවොටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී   අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාමරම්කාර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින්වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මංල්ෂිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු  ලංකාවට රැගෙන එ්ම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් අද (11) මැඩගස්කරය බලා පිටත්වන බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි.

මේ යන කණ්ඩායමට  සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක්,  සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් ඇතුළත් වන බව වාර්තා වේ.

මැඩගස්කරයේ දී මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගත් බව ෂී ෂෙල්ස් රාජ්‍යයේ පිහිටි මෙරට මහ කොමසාරිස් කාර්යාලය හරහා මැඩගස්කර් ආරක්ෂක අංශ නිල වශයෙන් පසුගිය දා ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන් අතර එරට පවතින නීතිය ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකරන බව විමර්ශන අංශ පවසයි.

මෙම අපරාධකරුවන් දෙපළ මින් පෙර ඩුබායි රාජ්‍යයේ දී ද අත්අඩංගුවට ගත් අතර අතාර්කික ප්‍රමාදයන් මත ඔවුන්ව ලංකාවට ගෙන්වීමට මග හැරී ගියේය.


මෙවර ද කුඩු සළිඳු ලංකාවට ගෙන ඒමේ ක්‍රියාවලිය මග හරවා ගැනීමට එක්තරා දූෂිත පොලිස් ප්‍රධානියෙක් බරපතල උත්සාහයක නිරත වූ බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේය.

කෙසේ වෙතත් රජයේ ඉහළම මැදිහත්වීම මත එම උත්සාහය ව්‍යර්ථ වුන බව වාර්තා විය.

මේ කතාවත් කියවන්න….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි…

Exit mobile version