හරක්කටා ගලවා ගන්න කුඩු සළිඳු මැදිහත් වී ඩුබායිවල නීති මෙහෙයුමක්!

නදුන් චින්තක හෙවත් හරක්කටා

දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාලයේ අපරාධකරුවෙක් වූ නදුන් චින්තක හෙවත් හරක්කටා රටට ගෙන්වා ගැනීම වළක්වා ගැනීම සඳහා ඩුබායිහි ඉහළම නීතිඥ සමාගමක සහාය ලබා ගැනීමට කටයුතු සංවිධානය කර ඇත්තේ තවත්  පාතාල අපරාධකරුවෙක් වූ පානදුරේ කුඩු සළිඳු බව විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

හරක්කාටගේ සමීපතමයෙක් වූ කුඩු සළිඳුත් මේ වනවිට ඩුබායිහි කල් ගෙවයි.

අපරාධ ගණනාවකට සම්බන්ධ කුඩු සළිඳු රටින් පැන ගන්නේ ඔහු ඉලක්ක කරගෙන කළ විමර්ශන පොලිසියේම යම් යම් පාර්ශව  මැදිහත්වීමෙන් සිදුකළ ප්‍රමාදය අතර තුර බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සමහරුන් වෙත ලක්ෂ ගණන් මුදල් ලැබීමත්,  කුඩු සළඳු සම්බන්ධව විමර්ශන කළ එවකට පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහට විමර්ශන පෙසක තිබිය දී ස්ථාන මාරුවක් ලැබ පානදුරෙන් එන්නට සිදුවීමත් සම්බන්ධව එවකට මාධ්‍යවල දැඩි කතාබහට ලක් විනි.


පොහොට්ටුවේ දේශපාලන කටයුතු වෙනුවෙන් පසුගිය මැතිවරණයේ දී කැපවී වැඩ කළ කුඩු සළිඳු පොහොට්ටුවේ කළුතර දේශපාලන ප්‍රබලයෙකුගේ මැතිවරණ වේදිකාවල කථිකයෙක් සේ කටයුතු කර තිබුණු බව හෙළි විය.

සළිඳු පොලිසියේ ඉදිරිපෙළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සමග පැවැත්වූ දුරකථන සබඳතා පිළිබඳ බුද්ධි අංශ විසින් හෙළි කරගෙන ඇතැයි  ද වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් සළිඳු විසින් දියත් කර ඇති නෛතික මෙහෙයුම සාර්ථක වීමේ සම්භාවිතාවක් ද ඇතැයි දැනගන්නට ඇත. මේ ආකාරයේම ජාත්‍යාන්තර මෙහෙයුමකින් අනතුරුව රජයට භාර දුන් අපරාධකරුවෙක් වූ  මාකඳුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදීම අතාර්කික ලෙස ඝාතනය වීම  රටට ඉතා අවාසි සහගත ලෙස බලපාන බව වාර්තා වේ.

 

Exit mobile version