හමුදා භට පිරිස්වලින් කොටසක් කොවිඩ් රාජකාරිවලින් ඉවතට…

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් රාජකාරිවලින් යුද හමුදා භට පිරිස් ප්‍රමාණයක් ඉවත් කරගන්නට සිදු වී ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මරාගෙන මැරෙන බෝම්බ කරුවන්, ගිනි අවි නීති විරෝධීව ලඟ තබාගෙන සිටින්නන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති බැවින් කොවිඩ් මර්ධන රාජකාරි සඳහා හමුදා භට පිරිස් ප්‍රමාණවත් තරම් යෙදවිය නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ ඉවත්කරගැනිම තාවකාලික බවත් හැකි ඉක්මනින් මේ තත්වය නිවැරදි කරන බවත් හමුදාපතිවරයා පවසා තිබේ.


යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය දී කොවිඩ් මර්ධන රාජකාරිවල නිරතව සිටින සෞඛ්‍ය අංශ සඳහා වූ විශේෂ රැස්වීමක දීය.

කෙසේ වෙතත් මේ තත්වය තුළ මෙතෙක් කොවිඩ් මර්ධන රාජාකාරිය මේ රටේ පෙළ ගැසුණු ආකාරය මුලුමනින්ම පාහේ වෙනස් වී ඇති බවත්, කොවිඩ් ආශ්‍රිතයන් සොයා යෑම සඳහා මෙතෙක් යුද හමුදා අංශවලින් ලැබුණු සහය මුලුමනින්ම නැති වීම නිසා ක්ෂේත්‍ර රාජකාරි පිළිවෙත යළි සමාලෝචනය කිරීමට සිදු වී ඇති බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් මර්ධන රාජකාරිවල ක්ෂේත්‍ර කටයුතු මුළුමනින්ම පාහේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැවරී ඇතැයි ද කොවිඩ් වෛරසය සමාජගත වී ඇති මේ සංකීර්ණ අවස්ථාවේ දී සිදුවන මේ සිදුවීම් කොවිඩ් පාලනයේ ඉතිරි වී ඇති ස්වල්පයත් සෞඛ්‍ය අංශවෙතින් ගිලිහී යනු ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

Exit mobile version