හමුදා බුද්ධි නිලධාරියෙක් මහල් නිවසක ඇද වැටී මරුට

ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු දෙමහල් නිවසක දෙවන මහලෙන් ඇද වැටීමෙන් මියගොස් තිබේ.

ඔහු නවාතැන් ගෙන සිටි පිලියන්දල නිවන්හිදිය ප්‍රදේශයේ නිවසක පිරිසිදු කිරීම් කටයුතු කරමින් සිටියදී මෙලෙස ඇද වැටී ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේදී තුවාල ලත් ඔහු කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගිය බව ආරංචි මාර්ග සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය බුද්ධි නිලධාරියා අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිලියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version