හමුදා-පොලිස් නිලධාරීන් පමණක් ඉන්න කාර්ය සාධක බලකාය මේ සතියේ සිට වැඩ අරඹයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය මෙම සතියේදී තම ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සැලසුම් සැකසීම ආරම්භ කරනු ඇති බව ආරක්ෂක ආමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

සම්පූර්ණයෙන්ම ආරක්ෂක හමුදාවලට සම්බන්ධ සාමාජිකයන් 13 දෙනකුගෙන් සමන්විත සුරක්ෂිත දේශයක් විනය ගරුක රටක් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ව 33 (එෆ්) වගන්තියට අනුකූලව රටේ ව්‍යවස්ථාවට නීතියට ජාත්‍යන්තර නීතියට සහ රේගු නීතිවලට අනුකූලව ගත අනුගමනය ඛල හැකි සියලුම පියවර සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපතිවරයාට පැවරෙන බලතල අනුව මෙම විශේෂ කාර්ය සාධක බලකාය පූර්ණ බලැතිව සථාපනය කර ඇත.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිවරයාට අමතරව තවත් සාමාජිකයො 9 දෙනෙක් අයත් වෙති. රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ජාතික බුද්ධි බලකායේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සැලේ, හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.එස් හේවාවිතාරණ,නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ කපිතාන් එස්.ජේ කුමාර, /ගුවන් හමුදචා බුද්ධි අධ්‍යක්ෂ කොමදෝරු එම්.ඩී.ජේ වාසගේ, විශේෂ කාර්ය සාධක බලකායේ නියෝජ්‍ය පොලිස්පති ටී.සී ධනපාල, සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු අයත් වෙති.


විශේෂයෙන් ජාතික ආරක්ෂාව, මත්දුව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම නිතිය යුක්තිය සමාජය තුළ ස්ථාපනය කිරීම වැනි අරමුණු වෙනුවෙන් විශේෂයෙන් ප්‍රමුඛත්වය ලා කළ යුතු කාර්යය සම්බන්ධයෙන් මෙම කාර්ය සාධක බලකා මුලින්ම අවධානය යොමු කරනු ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මෙම කාර්ය සාධක බලකායට අමතරව රටේ ආරක්ෂක මණ්ඩලය වෙනම ක්‍රියාත්මක වන බවත් ආරක්ෂක මණ්ඩලයේද සිටින බොහෝ සාමාජිකයන් නව කාර්ය සාධක බලකායේද සිටින බැවින් ඉදිරියේදී මෙම ව්‍යූහ දෙක අතර අන්තර් සම්බන්ධීකරණයක් නිර්මාණය වනු ඇති බවද මේ පිළිබඳව කළ විමසුමකදී ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරංචි මාර්ගයක් ලංකාසරට හෙළි කළේය.

Exit mobile version