හම්බන්තොට වරායට විදේශ ණය ලෙස ලැබුණු කෝටි 816ට වෙච්චි දෙයක් නෑ….

සිදුවුණ දේ පැහැදිලි කරන්න... ජාතික විගණන දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි....

ලලිත් චාමින්ද –

හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියේ අදියර 02 යටතේ 2019 වර්ෂයේ දී ලැබි තිබු රුපියල් බිලියන 8.16ක් වු විදේශණය මුදල  රජයේ මුල්‍ය ප්‍රකාශනවල හෝ  ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මුල්‍ය ප්‍රකාශනවල ඇතුළත්වි නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.

2019 දෙසැම්බර් මස 31 දිනට  හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා  රජය විසින් ලබාගත් ණය වලින්  රුපියල් බිලියන 172.72ක ණය ශේෂයක්  ගෙවිය යුතුව තිබුණි. මේ සම්බන්ධයෙන් 2017 ජුලි 20 වැනි දින වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය මගින්  අමාත්‍යමණ්ඩල සංදේශයක් ඉදිරිපත් කොට තිබුණි. ඒ සදහා 2017 අගෝස්තු මස 04 වැනි දින  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදි තිබුණි. 

ඒ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා රජය විසින් ගණු ලැබු ණයවලින් තවදුරටත් ගෙවිය යුතු ණය ශේෂය  ආපසු ගෙවිමේ වගකිම එකි සහන ගිවිසුම බලාත්මකවන දිනයේ සිට  බලපැවැත්වෙන පරිදි  මහාභාණ්ඩාගාරය විසින් භාරගෙන තිබුණි. එහෙත් එම ණය ශේෂය වරාය අධිකාරියේ 2019 දෙසැම්බර් මස 31 වැනි දිනට මුල්‍ය ප්‍රකාශනවලින් ද ඉවත්කර තිබු බව විගණන වාර්තාවේ දැක්වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම 2019 වර්ෂයේ උපලබ්ධි වු විදේශ ණය ගිවිසුම් 129කට අදාලව රුපියල් බිලියන 176.84ක් හා විදේශ ණය ගිවිසුම් 19කට අදාලව 2018 වර්ෂයේ දි   හෝ  ඊට පෙර  උපලබ්දි වු  රුපියල් බිලියන 33.4ක් ලෙස එකතුව  රුපියල් බිලියන 210.19ක් 2019 වර්ෂයේ  දෙසැම්බර් මස 31 වැනි දින වනවිටත්  විදේශ ණය ලෙස ගිණුම්ගතකර නොතිබු බවද විගණන වාර්තාවේ  වැඩිදුරටත් සදහන් වේ. 

Exit mobile version