හම්බන්තොට මුහුදේ භූ කම්පනයක්….

අද (24) අලුයම හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබල කම්පනයක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ, දළ වශයෙන් 12:45 ට හම්බන්තොටට ගිනිකොණ දිග මුහුදේ කිලෝමීටර් 25.8ක් පමණ ගැඹුරින් මෙම කම්පනය සිදුව ඇති බව ය.

මෙම කම්පනයෙන්  ශ්‍රී ලංකාවට ක්ෂණික තර්ජනයක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද සඳහන් කළේ මෙම කම්පනයෙන් ශ්‍රී ලංකාවට ක්ෂණික තර්ජනයක් නොමැති බවය.


Exit mobile version