හපුතලේ නගරයේ කොළඹ පාරේ ඇති හෝටලයක් තුළ වෙඩි තැබීමක් සිද්ධ වී තිබේ. අද (22) රාත්රි 7ට පමණ සිද්ධ වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇත.
වෙඩි තබා ඝාතනය කර ඇත්තේ හොටලයේ සේවකයෙකි. වෙඩි වැදී තුවාල ලැබ රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටින්නේ හෝටලයේ හිමිකරුය.
මෙම ඝාතනය සඳහා පුද්ගලයින් සිවු දෙනෙක් පැමිණ ඇති අතර පිස්තෝලයකින් වෙඩි තැබීමෙන් ඝාතනය සිදුකර තිබේ.
ඝාතකයින් පලා ගොස් ඇත. හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.