හඳුනානොගත් පියාසර වස්තූන් ගැන හොයන්න පෙන්ටගනයෙන් විශේෂ කණ්ඩායමක්

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ විමර්ශනය කිරීමට නව කණ්ඩායම් ස්ථාපනය කිරීම තීරණය කර තිබේ.

ඒ අනුව මෙම කණ්ඩායම විසින් අවසර නොලත් ගුවන් සීමා වල පියාසර කළ බවට වර්තාවන හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ පුළුල් විමර්ශණයක් කිරීමට නියමිත බවද ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඉකුත් ජුනි මසයේ හදුනා නොගත් වස්තූන් පිළිබද වාර්තාවීම් පිළිබඳ නිසි විමර්ශණයක් නොකරන බවට විශේෂ වාර්තාවකින් අනාවරණය විය. එහිදී හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ වාර්තාවීම් 144ක් පිළිබඳ නිසි විමර්ශණයක් සිදුකර නොමැති බවද අනාවරණය විය.


ඒ අනුව ඇමරිකානු රජය විසින් මෙම විශේෂිත කණ්ඩායම ස්ථාපනය කළ බව පෙන්ටගනය සඳහන් කරයි.

මෙම නව කණ්ඩායම ආරක්ෂක සහ බුද්ධි කටයුතු ලේකම් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අතර ජාතික බුද්ධ අධ්‍යක්ෂක කාර්යාලයද ඊට සම්බන්ධ වීමට නියමිත බවට වර්තාවේ.

මේ අතර ඇමරිකාවේ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ප්‍රකාශ කර ඇත්තේ මෙම හඳුනානොගත් පියාරස වස්තූන් එරට ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වීය හැකිබවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඇමරිකානු රජය විසින් වසර ගණනාවක සිට හඳුනානොගත් පියාසර වස්තූන් පිළිබඳ වර්තා වීම් ප්‍රතික්ෂේප කළ අතර ලොව පුරා විශාල පිරිසක් තමන් පිටසක්වල ජීවීන්ගේ යානා දුටු බවට ප්‍රකාශ කර ඇති අතරම තහවුරු නොකළ වීඩියෝ පටද විශාල වශයෙන් අදටත් අන්තර්ජාලය පුරා දැක ගැනීමට හැකියාව ලැබේ.

Exit mobile version