හන්තානට යළි ගිනි තබයි

ඉහළ ජෛව විවිධත්වයක් සහිත, ජලපෝෂක කලාපයක් ලෙසත් සුවිශේෂී පාරිසරික තත්ත්වයක් පිහිටි හන්තාන පරිසර පද්ධතිය මේ වන විට දළ වශයෙන් අක්කර පන්සියයකට වඩා ගිනි තබා විනාශ කොට තිබේ.

මේ වසරේ ලෝ වනජීවී දිනය දා හන්තාන කඳුවැටිය ගිනි තබා විනාශ කොට ඇතැයි මධ්‍යම පළාත් පරිසර සංරක්ෂණ එකමුතුව පවසයි.

ඔවුන් චෝදනා කර ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරිය පරිපාලනය සහිත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය රැක ගැනීමට කිසිදු නිශ්චිත වැඩපිළිවෙළක් අධිකාරියට නොමැති බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාරිසරක ආරක්ෂක ප්‍රදේශය තුළ ඉදිවන සියල්ල ,ගොඩනැගිලි ඉදිකිරීම් ,ඉඩම් බෙදා දීම් වැනි දෑට අනුමැතිය ලබාදෙන ආයතනයක් බවට මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය පත්ව තිබීම කණගාටුවට කරුණක් බව ද මධ්‍යම පළාත් පරිසර සංරක්ෂණ එකමුතුව සඳහන් කළේය.

Exit mobile version