හත් දෙනෙකු අතුරුදන් කල ජපාන හෙලිකොප්ටර් යානා අනතුර….

අමායා උඩුවැරැල්ල  –

ජපාන හමුදා හෙලිකොප්ටර් යානා දෙකක්
පැසිෆික් සාගරයේ ඉසු දූපත් අසල සිදු කල පුහුණුවීම් අතරතුර අනතුරට පත්ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ එනම් සෙනසුරාදා රාත්‍රියේ දී යි.


අනතුරින් හෙලිකොප්ටර් යානා දෙකෙහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු අතුරුදහන් ව ඇති බවට ජපාන  ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙන අතර අනතුරට මුහුණ දුන් එක් පුද්ගලයෙකු බේරාගෙන ඇති බව ද එහි සඳහන් වනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ රාත්‍රී 10:38 ට පමණ එක් හෙලිකොප්ටර්  යානය ක් ​​සමඟ තිබූ සන්නිවේදන සබඳතා ගිලිහී ගොස් තිබූ අතර ඉන් මිනිත්තු 25 කට පමණ දෙවන හෙලිකොප්ටර් යානය සමඟ ද සන්නිවේදන සබඳතාව ගිලිහී ගිය බව බලධාරීන් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

Exit mobile version