හතරවැනි ගැබිණි අම්මාත් කොවිඩ්වලින් මිය යයි…

කොවිඩ් ආසාදිත සිවුවන ගැබිණි මව ඊයේ (15) මිය ගියාය.  මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී මෙසේ මියගොස් තිබුණේ තිස්සමහාරාම යායගොඩ පදිංචි 35 හැවිරිදි මවකි.

ඇය අටමස් ගැබිණියක් බවත් තුන්වන දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටිය දී කොවිඩ් ආසාදනය වී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.

මුලින්ම ඇය දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇති වූ සංකූලතා නිසා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත ඇය ඇතුළත් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇයටත් ඇයගේ  ස්වාමි පුරුෂයාටත් කොවිඩ් ආසාදනය වී ඇති බවත්, ඇයට කොවිඩ් ආසාදිත වී ඇත්තේ මහරගම ප්‍රදේශයේ  පැවති උත්සවයකට සහභාගී  වීමෙන් පසු බවත් වාර්තා වේ. මෙම දෙපළට ඇතුළුව උත්සවයට සහභාගී වූ 17 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ කීවේය.

Exit mobile version