බදු වංචාවක්… හඬින් ලොවම වසඟ කළ ශකිරාට නඩු!

ලොව ප්‍රකට ගායිකාවක් වන ශකිරාට බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයක් විසින් නඩු විභාගයක් පැවැත්වීමට තීරණය කර ඇත.

‌කොලාම්බියානු ජාතික මෙම සුපිරි ගායන තරුවට යුරෝ මිලයන 14.5 ආදයම් බදු ගෙවීම් පැහැර හැරීමක් සම්බන්ධයෙන් මෙලෙස නඩු පැවරීම සිදුකර කර ඇති බව ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරයි. ‍‍

ඒ් අනුව 45 හැවරිදි වියේ පසුවන ගායිකාව ඉකුත් ජූලි මාසයේදී නඩු විභාගයකට යෑමකින් තොරව අදාල ආදයම් බදු ගෙවිම් පැහැර හැරීම් සමතයකට පත්කර ගැනීමට අවස්ථාව තිබුනද ඇය විසින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලස නඩු පැවරීම සිදුකර ඇති බවට වාර්තාවේ.

යම් ආකාරයකින් මෙම නඩු විභාගයෙන් ශකිරා වරදකාරිය බවට තීරණය වුවහොත් ඇය වසර 8 සිර දඬුවමක් හමිවීමට නියමිත බවද වාර්තාවේ.


ශකිරාට මෙලෙස බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා ඒල්ලවී ඇත්තේ 2012ත් 2014 අතර කාලය තුළදී වන අතර ඇගේ නීතිඥයින් පෙන්වා දෙන ආකාරයට ඇය ඒම කාලය තුළදී ලොව පුරා සංචාරයක් කරමින් සිට ඇත.

ඒ අනුව අධිකරණය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තමන් කරුණු දැක්වීම පියවර ගන්නා බවද ශකිරාගේ නීතීඥයින් පෙන්වාදී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශකීරා පසුගිය සතියේදී තමන් විසින් ස්පාඤ්ඤ බලධාරීන් එල්ල කරන චෝදනාවලට එරෙහිව සටන් කරන බවට දිවුරුම් දුන් අතර ඔවුන් නඩු පැවරීමට පෙර ස්පාඤ්ඤ බදු කාර්යාලය ඇයට ගෙවිය යුතු මුදල නිසි පරිදි දැනටමත් ගෙවා ඇති බවද ඇය පැවසීය.

Exit mobile version