සෞඛ්‍ය නීති නෑ… මෙහෙම ගියොත් කොළඹ පොත් ප්‍රදර්ශනය දවස් 02න් වහන්න නිර්දේශ කරනවා..

සෞඛ්‍ය නීති හා නියාමයන් මුලුමනින්ම නොසලකා හරිමින්, උපදෙස් නොතකමින් මේ වනවිට කරගෙන යන කොළඹ ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනය තව දුරටත් පවත්වාගෙන යන්නේ මේ ආකාරයට නම් රට ගැන කල්පනා කර දින දෙකක් තුළ මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ප්‍රදර්ශනය  නවත්වා දමන්නට කටයුතු කරන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි ලංකාසරට පැවසීය.

සියලුම සෞඛ්‍ය නියාමනයන් හා උපදෙස් ඒ අයුරින්ම පිළපැදීමේ කොන්දේසිය මත මෙම ප්‍රදර්ශනය සඳහා සෞඛ්‍ය අංශ අවසර දුන්නත් නිසි මුව ආවරණ පැළඳීම ඇතුළු මූලික සෞඛ්‍ය නීතීන් සියල්ල උල්ලංඝනය වනවා සේම ප්‍රධාන ශාලාවට පිරිස් ඇතුළත් කිරීමේ දී 300 සීමාව ඉක්මවීමට සංවිධායකයන් කටයුතු කරන බවත් මේ සම්බන්ධව අවස්ථා ගණනක දී පරිපාලනයට හා පොත් ප්‍රකාශයකන්ගේ සංගමය දැනුවක්  කළත් ඔවුන් ඒ උපදෙස් පිළි නොපදින බවත් වෛද්‍ය රුවන් විජයමුණි පෙන්වා දුන්නේය.

ප්‍රදර්ශනයේ සෞඛ්‍යය නීති පවත්වාගෙන යන ආකාරය අධීක්ෂණය කිරීමට වරෙකට  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විස්සකට ආසන්න පිරිසක් යොදවා ඇති අතර ඔවුන්ගේ නිරීක්ෂණය වී තිබුණේ සෞඛ්‍ය නීති වැඩ වශයෙන්ම උල්ලංඝණය කරන්නේ පොත් වෙළෙඳසල්වල සිටිනා අලෙවි කරුවන් බවය.


පොත් ප්‍රදර්ශනයට පෙර දින විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි,  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ රටේ එදිනෙදා පැමැත්ම ගැන කල්පනා කර රජයේ ප්‍රතිපත්ති මත පිහිටා සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන අවසරය සියලුම කොන්දේසිවලට යටත්ව පිළිගන්නා සමහර උත්සව සංවිධායකයන් ඒ නීති ප්‍රායෝගික නොකරන බවත් මින් ඉදිරියට එවැනි තත්වයන් ඇති වුවහොත් නිසි පියවර ගැනීමට කටයුතු කරන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් පොත් ප්‍රකාශකයන්ගේ අදහස වී ඇත්තේ ඡන්ද වකවානුවේ නොතිබුණු, දුම්රියවල බස්වල තෙරපී යන එන විට නැති සෞඛ්‍ය නියාමනයන් ප්‍රායෝගික නොවන ආකාරයට ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයට ආදේශ කිරීම අසාධාරණ බවය.

Exit mobile version