සෞඛ්‍ය නිර්නායක නෑ… පොලිසියට සෞඛ්‍ය අංශවලට කට උත්තර නෑ…

මැතිවරණයේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යය නිර්නායක තවමත් ගැසට් මගින් නිකුත් කර නොමැති නිසා ඒවා කඩකරමින් මැතිවරණ කටයුතුවල නිරතවන  අපේක්ෂකයන්ට හෝ ඔවුන්ගේ පාක්ෂිකයන්ට එරෙහිව පියවර ගැනීමට පොලිසියට  තවමත් නොහැකි වී ඇතැයි වාර්තා වේ.

මේ තත්වය මත රටපුරා මැතිවරණ අපේක්ෂකයින්  හා පාක්ෂිකයන් සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැලී සිටී.

මේ නිසා මැතිවරණ කොමිසම, පොලිසිය මෙන්ම මහජන සෞඛ්‍ය අංශ ද කරකියාගත නොහැකි තත්වයකට පත්ව ඇත.


මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර සති දෙකකට අධික කාලයක් ගත වී තිබුණත් එම නියමන් නිකුත් නොකිරීම නිසා රටම නැවත දැඩි අවදානමකට ලක් වනු ඇතැයි විද්වත්හු කියති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වසංගතයේ දෙවැනි අවස්ථාව මතු වුවහොත් රට බරපතල අවදානමකට යනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Exit mobile version