සේනා දළඹුවා සාර්ථකව මඬින දේශීය සංයෝගයක් පුත්තලමෙන් සොයාගනී

සටහන සේයාරූ – පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සේනා දළඹු උවදුර මැඩලීම සදහා විශේෂිතවූ දේශිය පලිබෝධ නාශකයක් සොයා ගැනීමට වනාතවිල්ලුව, මංගලපුර ප්‍රදේශයේ පුද්ගලික වතු සමාගමක් සමත්ව තිබේ.

අක්කර විසි පහකට ආසන්න වපසරියකින් සමන්විත මෙම පුද්ගලික වතු සමාගමේ දැනට අක්කර 12ක පමණ (ASPARAGUS) හෙවත් හාතාවාරිය මහා පරිමාණයෙන් වගා කර ඇති අතර, එකී හාතාවාරිය විදේශිය වෙළදපොල ඉලක්ක කර ගනිමින් මැද පෙර දිග රටවල් වෙත අපනයන කිරීම සදහා අපනයන භෝගයක් ලෙස මෙය අලෙවි කරන බව පැවසේ.


ඉතා අධික ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙස සැලකෙන මෙම හාතාවාරිය ප්‍රභේදය අහාරය සදහා සැකසෙන බව කියයි. මැද පෙර දිග රටවල මේ සදහා ඉහළ ඉල්ලුමක්ද පවතින අතර, මෙකී වගාව සම්පූර්ණයෙන්ම පසු ගිය 2018 වසරේ අග භාගයේ දී සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශයට ලක්ව තිබූ බව කියයි.

ඒ වකවානුව තුල කිහිප වතාවක්ම වෙළද පොලෙහි ඇති විවිධ වර්ගයේ පලිබෝධ නාශක, කෘමිනාශක දියර ආදිය ඉසීම සිදුකලද දළඹු උවදුර මැඩලීමට නොහැකිව යාමෙන් වගාව සම්පූර්ණයෙන් දළඹු ග්‍රහණයෙන් විනාශයට නතුව තිබු බව කියයි.

පසුව මෙම වසරේදී නැවතත් මෙම වගාව සාර්ථකව පවත්වා ගෙන එන කාල වකවානුව තුළ පෙර පරිදිම සේනා දළඹු ග්‍රහනය උස්සන්න වීමත් සමග අදාල වතු සමාගමේ කාර්ය මණ්ඩලය විසින් සේනා දළඹු උවදුර මැඩපැවැත්වීම සදහා සාර්ථක දේශිය පලිබෝධයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, එකී පළිබෝධ නාශකය භාවිතා කිරීමත් සමග මේ වන විට සේනා දළඹු ග්‍රහණය සම්පූර්ණයෙන් විනාශයට ලක්ව ඇති බව කියයි.

වතුර ලීටර් 1000 (දාහක්) සදහා කොහොඹ තෙල් ලීටර් 3ක්, මිරිස් කුඩු කිලෝ 03ක්, ලුණු කිලෝ 3ක් මේ පළිබෝධ නාශකය නිෂ්පාදනය සදහා යොදා ගන්නා බව වතු සමාගමේ කාර්ය මණ්ඩලය සදහන් කරයි.

මෙම සේනා දළඹු උවදුර සදහා කිසිදු විකල්පයක් නොමැති අතර, මෙම පළිබෝධ නාශකය ඉතාමත් උචිත බව හෙතෙම පෙන්වා දෙයි. කෘමි නාශක දියර ඉසීම තුළින් වගාවට බරපතල හානි සිදුවන අතර, මෙය ප්‍රෝටීන් අධික ශාකමය ආහාරයක් නිසාවෙන් එකී කෘමි නාශක ශාකයට උරා ගැනීමේ දැඩි ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙන බවත්, එකී කෘමිනාශක භාවිතය සදහා කාලය සහ විශාල මුදලක් අපතේ යාම නිරායාසයෙන්ම සිදුවන බවයි වතු සමාගම පෙන්වා දෙන්නේ.

ඉතාමත් අඩු වියදමකින් සකසා ගන්නා මෙම දේශිය පළිබෝධ නාශකය භාවිතා කිරීමෙන් පසු විනාඩියක් වැනි කෙටි කාල පරාසයක් තුල දළඹුවා ශාකයෙන් බිමට වැටීමෙන් අනතුරුව මරණයට පත්වන බව කියයි.

අදාල දේශිය පළිබෝධ නාශකය සොයා ගැනීමට පෙර වගාව සම්පූර්ණයෙන් අසාර්ථකව පැවති බවත් අද වන විට මෙම පලිබෝධ නාශකය පාවිච්චි කිරීමත් සමග වගාව සාර්ථක මුහුණුවරක් ගන්නා බවද හෙතෙම පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පළිබෝධ නාශක ඉසින අයුරු

Exit mobile version