සෙරුක්කාල්හි ජල සම්පාදන ව්‍යාපෘතියක්ම ඩෝසර් කරලා

දිනසේන රතුගමගේ:

කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව විසින් කිළිනොච්චිය සෙරුක්කාල් ප්‍රදේශයේ ජල සම්පාදන ව්‍යාපෘතියක් 19 දා මුලුමනින්ම ඩෝසර් කොට තිබේ.

සෙරුක්කාල් පළාතේ ලුණු ලේවායේ සේවය කරන පිරිසගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සදහා මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදිකොට තිබුණද එය අනවසර ඉදිකිරීමක් ලෙස සලකා කරච්චි ප්‍රාදේශීය සභාව විසින් එම භූමියම සම්පූර්ණයෙන්ම ඩෝසර් කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ක්‍රියාවට ලුණු ලේවායේ සේවකයින් විරුද්ධ වූ නමුත් කරච්චි ප්‍රාදේශීය සභාව එම විරෝධය නොතකා ජල සම්පාදන ව්‍යාපෘතියම ඩෝසර් කොට තිබේ.

 

Exit mobile version