සූවස් නිදහස් – නෞකා එවර්ගිවන් පසු කර යයි

ගෝලීය ආර්ථිකයට වැදගත්ම භාණ්ඩ හුවමාරු නෞකා මාර්ගයක් වන සූවස් ඇළ හරහා සිරවුණු යෝධ එවර් ගිවන් බහාලුම් නෞකාව නිදහස් කොට යළි සුපුරුදු මාර්ගයට යොමු කිරීමට ඊජිප්තු බලධාරීන් සමත්වූ අතර එම නිවේදනයත් සමගම ලෝක තෙල් මිල 2%කින් පහත වැටිණි.

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි නිවේදනය කළේ අති සාර්ථක ලෙස එවර්ගිවන් නිදහස් කළ අතර සෙසු නෞකා වෙත ගමන් ඇරඹීමට සුදුසු පරිදි මාර්ගය ආරක්ෂිතව සකසා ඇති බවයි. එමෙන්ම ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ජාතියක් ලෙස යළිත් වරක් තහවුරු කළේ ඊජිප්තු ජාතිකයන් හැමවිටම වගකීම්සහගත බව යැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එවර්ගිවන් යාත්‍රාව 80%ක් මාර්ගගත කිරීම එරට වේලාවෙන් පස්වරු 4.30ට සිදුවූ අතර ඉන් පසුව කුඩා නැව් 30ක් එම ස්ථානය පසුකර සිය සුපුරුදු ගමන් මාර්ගය ඔස්සේ ගමන් කළේ නිදහස් වූ එවර්ගිවන් පසු කර යමින් ජය හඬ නඟමිනි.


තවත් පැය කිහිපයකින් සුවස් ඇළ මාර්ගයේ දින ගණනාවක් තිස්සේ පැවති පැවැති අධික තදබදය අවසන් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ . දෙපස තදබදයට හසුවූ නෞකා 450ක් සිය ගමන් ඇරඹීමට සූදානමින් සිටී.

පසුගිය අඟහරුවාදා සිට සූවස්‌
ඇළ මාර්ගය අවහිර කරමින්‌ සිර
වී තිබූ එවර්‌ ගිවන්‌ නෞකාව නිසා පැයකට ඩොලර් මිලියන 480 බැගින් පාඩුවූ අතර දෙපස අවහිර වූ නෞකා ගණන 300කට අධික විය.

හදිසි අවස්ථා ගලවා ගැනීමේ ටග්‌යාත්‍රා 12ක්‌ සහ වැලි ඉවත්‌ කිරීමට යොදාගත්‌
යන්ත්‍රෝපකරණ 08ක්‌ එක්ව පුරා පැය 156ක්‌ සිදුකළ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මෙහෙයුම්‌
කණ්ඩායමට අද අලුයම හැකිව තිබුණි.

එවර්ග්‍රීන් සමාගමේ එවර් ගිවන් යාත්‍රාව නිව්යෝක් හි පිහිටා තිබෙන Empire state ගොඩනැගිල්ලේ උසට සමාන වන අතර මෙහි දිග මීටර් 400ක් (අඩි 1,312) සහ බර ටොන් 200,000 ක් වේ. උපරිම ධාරිතාව බහාලුම් 20,000 කි. එය දැනට බහාලුම් 18,300 ක් රැගෙන යයි.

මෙම නෞකාව තායිවානයේ ප්‍රවාහන සමාගමක් වන එවර්ග්‍රීන් මැරීන් විසින් මෙහෙයවනු ලබන අතර එය ලොව විශාලතම බහාලුම් යාත්‍රාවකි.

පසුගිය 20 වැනිදා වැලි කුණාටු සහ තද සුළං තත්ත්වයක් හේතුවෙන් සුවස් ඇළ හරහා මාර්ගය අවහිර කරමින් මෙම යාත්‍රාව සිරවී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version