සූවස් ඇළේ තදබදය නිසා ලෝකයේම නැව් ගමන් අවුල්

හිර වූ නැවේ කන්ටේනර් බාන්න වුණොත් මෙහෙයුමට සති ගාණක් ගතවේවි

ඊජිප්තුවේ සුවස් ඇලේ මේ වනවිට නිර්මාණය වී ඇති දැවැන්ත නෞකා තදබදය හේතුවෙන් ලෝකය පුරාම භාණ්ඩ ප්‍රවාහන නෞකාවල  ගමන් වැඩසටහන් අවුල් වී ඇති බව නාවික විශේෂඥයෝ සඳහන් කරති. මේ වනවිට සූවස් ඇලේ දක්ෂිණ කෙළවරේ විශාල ප්‍රමාණයේ භාණ්ඩ සහ තෙල් ප්‍රවාහන නෞකා ගණනාවක්සඇල තරණය කරගත නොහැකිව නවතා ඇති බව මර්ස්ක්  ෂිපිං සමාගමේ නිලධාරියෙක් බී.බීසී පුවත් සේවයට වාර්තා කර ඇත.

දැඩි සුළඟ සහ කුනාටු තත්ත්වය මැද පෙනීම අපැහැදිළිවීම හේතුවෙන් විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන එවර් ගිවන් නෞකාව ඇලේ වැලි පරයක සිර වූ අතර මේ වනවිට ටග් යාත්‍රා සහ වැලි ඉවත් කිරීමේ යාත්‍රා මඟින් මෙම  හිර වූ නැව නිදහස් කර ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින බව වාර්තා වෙයි. එසේ වුවද මේ වනවිටත් මෙහෙයුම අවසන්ව නොමැති හෙයින් දින හතරක් තිස්සේ ඇළ තරණයව කිරීමට නොහැකිව නැවි ගණනාවක් සිර වී ඇත.

මීටර 400ක් දිග ටොන් ලක්ෂ දෙකක ධාරිතාවක් සහිත මෙම විශාල නැව මුදා ගැනීම සඳහා මේ වනවිට ලෝකයේ අත්දැකීම් බහුල සමාගම් කිහිපයක්ම කැඳවා ඇති අතර තවත් දින දෙක තුනක් තුළ ප්‍රශ්නය විසඳිය හැකි වනු ඇතැයි ඊජිප්තු ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයකු බී.බී.සී ය වෙත පවසා තිබුණි. කෙසේ වුවද නාවික විශේෂඥයන් පවසන්නේ මෙම නැව මුදා ගැනීම සඳහා එහි පවතින කන්ටේනර් ඉවත් කිරීමට සිදුවුවහොත් මෙම මෙහෙයුම සඳහා තවත් සති කිහිපයක් ගත වෙනු ඇති බවය.


සූවස් ඇල සහ දකුණු අප්‍රිකාව හරහා ඇති විකල්ප මාර්ගය – BBC උපුටා ගැනීමකි

ආසියාව සහ යුරෝපය යා කරන කෙටි මාර්ගයක් ලෙස සැලකෙන සූවස් ඇළ රතු මුහුද සහ මධ්‍යධරණී මුහුද සම්බන්ධ කරන අතර මෙම ඇළ මාර්ගය කිලෝ මීටර 193ක දිගය. මෙම ඇළෙහි ලෝකයේ  නෞකාවලින් සියයට 12ක් පමණ ගමන් කරන අතර එය මේ හේතුවෙන් අතිශයින්ම වැදගත් මුහුදු මාර්ගයක් ලෙස සැලකෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මාර්ගය මඟහැර නෞකාවලට ගමන් කරන්නේ නම් ඒ සඳහා දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව හරහා ගමන් කළ යුතු වන අතර මේ සඳහා සාමාන්‍යයෙන් නෞකාවකට දින 10ත් 14ත් අතර කාලයක් ගත වන බව නෞකා විශේෂඥයෝ පවසති.

Exit mobile version