සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

යල කන්නය සඳහා වලව කලාපයේ ගොවීන්ට  කුඹුරු  සී සෑමට   මේ වනවිට ජලය නිකුත් කර ඇතත්   ට්‍රැක්ටර් රථ සඳහා  ඩීසල් ඉන්ධන නොලැබීමත් ඉන්ධන කෑන්වලට ලබා නොදීමත්  නිසා සී සාමින් සිටි ගොවීන් මඩත් සහිත නගුල් පිටින්ම ඉන්ධන ලබා ගැනීමට සූරියවැව නගරයේ පිහිටි ඉන්ධන හලට අද (18) පෙරවරුවේ මෙලෙස ලෙස පැමිණ සිටියහ.

එලෙස  ඉන්ධන ලබාගැනීමට පැමිණි ට්‍රැක්ටර්   සූරියවැව පාසැල් මාවත දිගේ ඉන්ධන හල දක්වා පෝලිමේ යාමත් සමග එහි දැඩි රථවාහන තදබදයක්ද ඇතිවීය .ඒ හේතුවෙන්  උදෑසන සූරියවැව ජාතික පාසලට පැමිණි දරුවන්ද දැඩි අසීරුතාවයට පත්වීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ පැමිණ සිටි ට්‍රැක්ටර් රථ හිමියන් පැවසුවේ ගොවීන්ට   අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය කෑන් වලට නිකුත් කිරීමට කටයුතු කරන්නේ නම් මෙලෙස අධික රථවාහන තදබදයක්ද ඇති නොවන බවය.

Exit mobile version