සුළුපන්න ධීවරයින්ගෙන් අඩක් රස්සාව අත්හරින ලකුණු!

මාළු කලා හමාරයි... එක්සත් ධීවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්  විජේන්ද්‍රන්  කියන කතාව...

ලලිත් චාමින්ද 

භුමිතෙල් මිලවැඩිවිමත් සමග ඉදිරියේ දි සුළුපන්න ධිවර කාර්මිකයින්ගෙන් සියයට පනහක් පමණ ධිවර රක්ෂාවෙන් ඉවත්විමේ  තත්වයක් නිර්මාණය වී ඇති බැව් එක්සත් ධීවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්  විජේන්ද්‍රන්  පවසයි.

දැනට ලක්ෂ 03කට අධික පිරිසක්  සුළුපන්න ධිවර රක්ෂාවේ නිරතව  සිටින බවද එම්. විජේන්ද්‍රන් කියයි.   භුමිතෙල් මිල විශාල වශයෙන් වැඩිවීම  නිසා  සුළුපන්න ධීවර කාර්මිකයෙකුට එක් මුහුදු ගමනක් සඳහා රුපියල් 20000ක පමණ මුදලක් වැයවෙන බවත්  මෙම තත්වය හමුවේ සුළු පන්න ධීවරකාර්මිකයින් ධීවර රක්ෂාවෙන් ඉවත්වීමේ තත්වයක් නිර්මාණය වි ඇති බවත්  හෙතෙම  කියයි.

භුමිතෙල් මිල වැඩිවිමත් සමග මාළු මිලද  වැඩිවි ඇති අතර  සෑම වර්ගයකම මාළු කිලෝවක මිල රුපියල් 2000ක් දක්වා වැඩිවි ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

“පොඩි මාළු ඇත්තෙත් නැහැ. කුම්බලාවෝ, ලින්නෝ  මාළු කිලෝවක් රුපියල්  1500 1800ක් විතර වෙනවා. වෙළදුන් තමයි මාළු මිල වැඩිකරලා තියෙන්නේ. හාල්මැස්සෝ, සුඩයෝ,පරා, ඉස්සෝ ගල්මාළු දැල්ලෝ  කකුළුවෝ මාළු මේ දිනවල හිඟයි.“ 


“සුළුපන්න ධිවරයින්  භුමිතෙල් ප්‍රශ්නය නිසා මාස තුනකින් මුහුදු ගියේ නැහැ.  රජයෙන් මේ ධීවරයින්ට එක හාල් ඇටයකවත් දුන්නේ නැහැ.  ලංකාවේ කුඩා වර්ගයේ බෝට්ටු 26000ක් තියෙනවා. ධිවරයින් අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ. සුළුපන්න ධිවර කාර්මිකයින්ට භුමිතෙල් සදහා සහනාධාරයක් ලබානුදුනහොත්  විශාල පිරිසක් ධීවර කර්මාන්තයෙන් ඉවත්විම වැලැක්විය නොහැකි බවද එම් විජේන්ද්‍රන්    සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කල්පිටිය  ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් සඳහා  අද (23) දින භුමිතෙල් ලැබි ඇතත් , තුඩාව, කන්දකුලිය තලවිල,මාන්කුරිය, ඉරන්තඩිය  යන ප්‍රදේශවල  සුළු පන්න ධීවර කාර්මිකයින්  භුමිතෙල් මිලදී ගැනිම ප්‍රතික්ෂේපකොට ඇති බව වාර්තා වේ.

 

 

 

Exit mobile version