සුළං විදුලිය ගැන සොයා බලන්න රාජ්‍ය ඇමතිත් එක්ක අදානිලා මන්නාරම් ගිහින්…

දිනසේන රතුගමගේ –

සුළං හා සූර්යබල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැඩපිළිවෙළ යටතේ මන්නාරමේ සුළං බල විදුලි බලාගාර ඉදිකිරීමේ ඇති හැකියාව පිළිබඳව  මූලික කරුණු සොයා බැලීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමේ හිමිකරු වන ගෞතම් අදානිගේ නියෝජිතයින් පිරිසක් ඊයේ (25) මන්නාරමේ  සංචාරයක නිරත විය.

දැනට ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලය සතුව ඇති  විශාලතම සුළං විදුලි බලාගාරය පිහිටා ඇත්තේ මන්නාරමේවන අතර අදානී ගේ නියෝජිතයින් පිරිස එම සුළං බල විදුලි බලාගාරය නිරීක්ෂණය  කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සංචාරයට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක  විදුලිබල මණ්ඩලයේ උපසභාපති නලින්ද ඉලංගකෝන්   ඇතුලු පිරිසක් අදානී ගේ නියෝජිතයින් පිරිස සමග එක් වී සිටි අතර ඔවුන්  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලි කොප්ටර් යානයකින් මන්නාරමට ළඟා වූහ.


Exit mobile version