සුසිල් ගේ ඉරණමත් සමග ආණ්ඩුවේ “පෙරළිකාරයෝ“ තැති ගනිති!  

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධව ගත් තීන්දුවම උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා නිමල් ලන්සා වෙනුවෙන් ගන්නා ලෙසත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙසත්  ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (04) ජනාධිපතිවරයගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ මේ ඇති දැවැන්ත අභියෝග ඉදිරියේ රජය මොනතරම් සහන ලබා දුන්නත් ආණ්ඩුවේ සිට ආණ්ඩුව විවේචනය කරන පිරිස් ජන මනසට කරන විනාශය නිසා එම සහන  කිසිසේත්ම ඵලදායී නොවන බවය. එමෙන්ම රජය මොනත්ම්  යහපත් ඉදිරිගාමී වැඩපිළිවෙළක් සකස් කළත්  ජනතාවගේ විශ්වාසය ඒ පිළිබඳව ඇති නොවන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැඩිව අවධානය යොමු කර ඇති බවත් මේ වනවිට ආණ්ඩුව තුළ සිට ආණ්ඩුව විවේචනය කිරීමේ පෙරමුණ ගත් විමල් වාසු සහ ගම්මන්පිල ඇමතිධුර පිළිබඳ අපෙක්ෂා සහිතව ක්‍රමානුකූලව පසු බැස ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.


Exit mobile version