සුරාබදු ගහන්න පත්කළ කමිටුව හොර අරක්කුවලින් කෝටි  104ක් ගහලා…

අය කළ යුතු බදු මුදල රුපියල් කොටි 163... අය කරලා තියෙන්නේ කෝටි 59යි...  විගණනයෙන් හෙළි වෙයි...

ලලිත් චාමින්ද –

නීති විරෝධිව මත්පැන් නිෂ්පාදනය කළ ස්කාගාරයක් වෙත වාසිදායක වන අයුරින්   සුරාබදු මුදල සාවද්‍ය ලෙස ගණනය කිරීම නිසා අයකළ හැකිව තිබු රුපියල් මිලියන 1,045.76ක්වු  ( කෝටි එකසිය හතරකුත් පනස් හත් ලක්ෂ හැටදහසක්) සුරාබදු මුදලක් අඩුවෙන් අයකිරිමට කටයුතු කරඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාලව නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

2012, 2013, හා 2014 වර්ෂවල, නිති විරෝධී ලෙස එතනොල් ස්ප්‍රිතු  ලිටර් 5,18 600ක් ආනයනය කර ඇති බැව්  ශ්‍රි ලංකා රේගුව විසින් හඳුනාගෙන තිබුණි. එම එතනෝල් ස්ප්‍රිතු ප්‍රමාණයෙන්  නිෂ්පාදනය කළහැකි අරක්කු ප්‍රමාණය  ලීටර්       3,13,880ක් බවට  සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පත්කළ කමිටුව  ගණනය කොට තිබුණි.

එම කමිටු වාර්තාව  අනුව සුරාබදු ආඥාපනත යටතේ වු නියෝග හා  සුරාබදු අත්පොතෙහි සඳහන්  නිර්නායකයන්  නොසලකා පරික්ෂණ කමිටුව විසින්  නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ ආයතනයට වාසිදායක අයුරින් ගණනය කිරිම් සිදුකොට ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.


ස්කාගාරයට වාසිදායක වන පදනමක් භාවිතාකොට  එතනෝල් ස්ප්‍රිතු මගින් නිෂ්පාදනය කළහැකි  අරක්කු ප්‍රමාණය ගණනය කර  අය කළ යුතුව ඇති සුරාබදු මුදල අඩුවෙන් ගණනය කොට තිබු බව විගණනයේ දී අනාවරණය වි ඇත. එම පදනම අනුව නිෂ්පාදනය කළ අරක්කු ප්‍රමාණය  නීති විරෝධීව ආනයනය කළ ස්ප්‍රිතු ප්‍රමාණයට වඩා අඩුකර දක්වා තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාවද්‍ය ගණනය කිරිම හේතුවෙන්  නීති විරෝධී ලෙස ආනනය කර මත්පැන් නිෂ්පාදනයට භාවිතා කර ඇති  එතනෝල සඳහා අය කළ යුතු රුපියල් මිලියන 1,634.66 ක සුරාබදු මුදල රුපියල් මිලියන 588.90ක් ලෙස  ගණනය කර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

 

Exit mobile version