සුදු හාමුදුරුවන්ගේ මරණය ගැන හොයන විශේෂඥ කණ්ඩායමක් වැඩ අරඹයි…

ලලිත් චාමින්ද –

පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ  භාවනායෝගිව වැඩ සිටියදි අභිරහස්ලෙස  මියගිය   නෙදර්ලන්ත ජාතික හිමිනම වැඩසිටි කුටිය ඇතුළු ඒ අවට ස්ථානය පිළිබඳ  වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා  තමන් ඇතුළු විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක්  එම ස්ථානය වෙත ගිය බව  කරාපිටිය  වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි  සඳහන් කළාය.

හිමියන්ගේ මළ සිරුර හමුවු ස්ථානයෙන් ඩයටම් පරික්ෂාවක් සඳහා  ජල බෝතලයක් ලබාගත් බවද  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණිය පැවසුවාය.  නෙදර්ලන්ත ජාතික හිමියන් දියේ ගිලි මියගියාද යන්න පිළිබඳ දැන ගැනීම සඳහා ඩයටම් පරික්ෂාව  උදව්වක් වන බවද ඇය  සඳහන් කළාය. 

නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් වැඩසිටි කුටිය  ඇතුළු ඒ අවට ස්ථානිය පරික්ෂණයක් විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායම විසින් සිදුකොට ඇත. මෙකි පරික්ෂණ කටයුතු සඳහා  මානසික රෝග පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය තුසිත් මෙන්ඩිස්, ගාල්ල කාරාපිටිය ශික්ෂණ රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර, කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවිර  සහභාගිවුහ.


නෙදර්ලන්ත හිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය  වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි  සිදුකරණු ලැබුවාය.  මෙකි හිමියන්ගේ  සිරුරේ අභ්‍යයන්තරයේ  තුවාල  නොතිබු බව   පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි  ඇති අතර  උන්වහන්සේ මියගිය ආකාරය පිළිබඳ සොයාගැනීම සදහා සිරුරේ ඉන්ද්‍රයන් හා අක්මා කොටස් මෙන්ම  රුධිර සාම්පල් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට  කටයුතු කරනු ලැබිය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරිමට පෙර පි.සි.ආර් පරික්ෂණයක් ද සිදුකොට ඇති අතර   උන්වහන්සේට කොවිඩ් වෛරසය ආසාදනය වි නොමැති බවට අනාවරණය වි ඇත.

 

Exit mobile version