සී.අයි.ඩිය රියාජ් නිදහස් කළ හැටි හොයන්න පොලිස් නිලධාරීන් 63ක කණ්ඩායම් 02ක්…

සී.අයි.ඩි. - ඩී. අයි.ජී යටතේ එස්.එස්.පීලා 02යි.... ඒ.එස්.පී.1 යි... පොලිස් නිලධාරීන් 60යි....

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සොයුරු රියාද් බදියුදීන් නිදහස් කර යැවීම සම්බන්ධව නීතිපති උපදෙස් පිට කරුණු හතක් මුල් කරගෙන විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද ප්‍රකාශ කළේය.

මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙක්, සහකාර පොලිස් අධිකාරී වරයෙක් හා පොලිස් නිලධාරීන් 60 දෙනෙක් මේ පරීක්ෂණය සඳහා යොදවා ඇති බවය.

පොලිස නිලධාරීන් 30 දෙනා බැගින්වූ කණ්ඩායම් 2කට බෙදී එක් කණ්ඩායමක් කරුණු තුනක් සම්බන්ධව ද, අනෙක් කණ්ඩායම කරුණු 4ක් සම්බන්ධව ද මේ පරීක්ෂණය පවත්වන බව ඔහු ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රියාජ් බදියුදීන් 2020 අප්‍රේල් 14 දා පුත්තලමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් අතර මාස පහකට අධික කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමකින් තොරව 2020.0.29 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා හැරියේය.

Exit mobile version