සීතා ස්පෙෂල් ද?… අරගලය දා පිච්චූ සීතාගේ වාහනයට අලුත් වාහනයක් දෙන තොරතුරක් නිසා පොහොට්ටු මන්ත්‍රීවරු  කැළඹිලා…

සුජිත් හේවාජූලිගේ –

අරගල අවස්ථාවේ දී දේපල විනාශ වූ මන්ත්‍රීවරුන් අතරින් සීතා අරඹෙපොලට පමණක් මෝටර් රථයක් ලබා දීමට රජයේ සූදානමක්  පවතින බව වාර්තා  වීමත් සමග පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර බරපතල නොසන්සුන්තාවයක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පැවසුවේ අරගල අවස්ථාවේ දී ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළු සියයකට වැඩි පිරිසකගේ වාහන නිවාසහ ඇතුළු දේපල හානි වූ බවය.

ඒ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත්  කිසිදු වන්දියක් තවමත් ලැබී නොමැති පසුබිමක සීතා අරඹෙපොලට පමණක් මෙසේ වාහනයක් ලබා දීමට යෑම බරපතල අසාධාරණයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –


 

Exit mobile version