සීඅයිඩියෙන් සීසීඩී ආපු පළමු දවසේම මාකඳුරේ මධුෂ් කට අරී

දුන් තොරතුරෙන් කොටිකාවත්තේදී කුඩු කිලෝ 19ක් අල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවුරුද්කුත් මාස 4ක් සහ දින කිහිපයක් තම රැඳවුමේ තබාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අපරාධකරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට ප්‍රශ්න කිරීම සඳහා ඊයේ ලබා දුන් අතර එම දිනයේදීම ලබා දුන් තොරතුරක් මත ඊයේ දිනයේදීම හෙරොයින් කිලෝ ග්‍රෑම් 10ක තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ තොරතුරු මත මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාකඳුරේ මධුෂ් කලක පටන් ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය හැසිර වූ පුද්ගලයා ලෙසින් සැලකෙන අතර සූක්ෂම මෙහෙයුමකින් පසුව ඔහු අත්අඩංගුවට ගැනෙනුයේ 2019 වසරේ පෙබරවාරි මාසයේදීය.


එම වසරේ මැයි මාසයේදී මෙරට රැගෙන එන ලද අතර අධිකරණයෙන් ලබා ගන්නා රැඳවුම් නියෝග මත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනුණි.

එසේ වුවද රැඳවුම් නියෝගයේ උපරිම කාල සීමාව වන මාස 18 ලබන නොවැම්බර් මස 28 වැනිදාට අවසන් වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම දිනයට පෙර ඔහු සම්බන්දයෙන් අධිකරණයට කරුණු දැක්වීමට කටයුතු යෙදෙමින් පවකිවන අතර යටම් විමර්ශණයකට අදාල ප්‍රශ්න කිරීමට ඔහු ඊටෙය් කොලම අපරාද කොට්ඨාසයට භාර දුන්නේය. ඒ අනුව ඔහු ලබා දුන් තොරතුරක් මත ඊයේ දිනයේදීම කොටිකාවත්ත ප්‍රෙද්ශයේදී අදාල මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විණි.

Exit mobile version