සි.ජී.ආර් කැබ් රථයේ අසංවර රියදුරා මව සහ සිඟිති පුතුව මහ මග මරා දමයි..

කුරුණෑගල පාදෙනි මාර්ගයේ බළල්ල සීබීසී හන්දිය අසල දී අද රාත්‍රී 8 පමණ සිදු වූ මාරක රිය අනතුරකින් 33 හැවිරිදි මවක් හා වයස අවුරුදු 3යි මාස 4ක පුතෙක් මරුමුවට පත් විය. සිද්ධියෙන් මිය ගිය මව ඊ.එම්.අයිරාංගනීය.   සිඟිති පුතා දනුෂ්ක යොහාන්ය.

කුරුණෑගල දෙස සිට අනුරාධපුරය දක්වා වේගයෙන් ධාවනය කළ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කැබ්රථය අනතුරට පත් කර තිබුණේ මේ තරුණ මව සහ සිතඟිති පුතා සිය නිවසේ සිට බිත්තර ගෙන ඒම සඳහා අසල කඩයට යන්නට ගිය  අවස්ථාවේ දීය.

මේ අනතුරත් සමග මුළු පලාතම දැඩි කලබලයකට පත් වූයේය. මේ වනවිට මහව පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය මව සහ පුතා

Exit mobile version