සිහින ලෝකවලින් බැස විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට දැන්වත් ඇහුම්කන් දෙන්න – ලංවිම ඉංජිනේරුවරු…

පුනර්ජනනී බලශක්තියෙන් රටක පූර්ණ බලශක්ති අවශ්‍යතාවය හදන්න හිතුවොත් කාබනික ගොවිතැනෙන් ලද ප්‍රතිපලයම රටට ලැබේවි...

කීර්ති ප්‍රනාන්දු –

පුනර්ජනනී බලශක්තියෙන් මුලු රටකම බලශක්ති අවශ්‍යතාවය සැපයිය හැකියැයි විශ්වාස කිරීමත් කාබනික ගොවිතැනින් රට සශ්‍රීක කළ හැකියැයි විශ්වාස කර ලබා ගත් ප්‍රතිඵලත්  අතර වෙනසක් නැතැයි විදුලි ඉංජිනේරුවරු පවසති.

ක්ෂේත්‍රයක ප්‍රවීනයන්ගේ දැනුම විශේඥතාවය සහ නිපුනත්වය සහිත වෘත්තීකයින් විසින්    ඉදිරිපත් කරන සැලසුමක් පිළිගත නොහැකි නම් එය ව්‍යසයක් බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිදුවුනේත්, විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවන්නේත් එය බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙම විදුලිබල ගැටලුව පිටුපස ඉංජිනේරු මාෆියාව සිටින බවට මතුවී ඇති චෝදනාව සම්බන්ධයෙන්  අප කළ විමසුමකදී විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ලංකාසරට පැවසුවේ දැන්වත් මේ සිදුවෙමින් ඇති අර්බුදය මේ රටේ ජනතාව තේරුම් ගත යුතු බවය.


විදුලි ඉංජිනේරුවන් මේ අර්බුදය ගැන කීවේ මීට වසර හතරකට පෙර බවත් ඔහු පෙන්වා දුන්නේය.

“ දැන් පැය දහයක් විදුලිය කපනවානෙ. චෝදනා කරන අයගෙන් අහන්න තියෙන්නෙ අපි මොනවද කරලා තියෙන්නෙ කියලා.  සාම්පූර් බලාගාරය නැවැත්තුවෙ අපි ද?. පහුගිය ආණ්ඩුවෙ ජනාධිපතිවරයා.     නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය  නැතිනම් දැන් මේ ලැබෙන    පැය 14 හො 15 විදුලිය  ලැබෙන්නෙ නෑ.“

පහුගිය රජය කාලෙ එකම විදුලි බලාගාරයක්වත් හැදිලා නෑ.  මේ ආණ්ඩුවත් හරි දෙයක් කරන බව පෙනෙන්නෙ නෑ. අඩු වියදම් ලොකු බලාගාරයක් හදන්න අවුරුදු පහක් හයක් යනවා. එක බලවතෙකුගෙ වචනයකට ඒ සැලසුම් අතරමග නවතින්න පුලුවන්. සාම්පූර් ගල් අඟුරු බලාගාරය නැවත්තුවා. කෙළවරපිටිය  පවර්ප්ලාන්ට් එක ආවෙත් නෑ. දැන් අපි  විඳින්නෙ එහි ප්‍රතිඵල.

අපට බනින එක හැමදාම බනිනවා. අපට ඒක පුරුදුයි. දැන් උනත් ජනතාව දැන්වත් තේරුම් ගතයුතුයි වෙන්නෙ මොකක්ද කියලා.

ඔහු වැඩිදුරටත් කීවේය.  විදුලි ඉංජිනේරුවරුන්ට වැඩි වශයෙන් චෝදනා එල්ලවන්නේ සුනිත්ති බලශක්තිය ලබා ගැනීමට බාධා කිරීම නිසා නොවේදැයි අප විමසූ පැණයට ඔහු පිළිතුරු දුන්නේ  පුනර්ජනනී බලශක්තිය භාවිතා කිරීම ඉතා වැදගත් නමුත් ලෝකයේ කිසිම රටක් එම බලශක්තිය මුල් කරගෙන විදුලි සම්පාදනය  නොකරන බවය.

“දැන් බලන්න  සූර්ය බලයෙන් මෙගාවොට් 650ක් තියනවා. සුළං බලාගාර වලින් 270ක් තියනවා . ඒකෙන් ලැබෙන දායකත්වය කීයද?.“

“උදාහරණයක් ගත්තොත්  නොරොච්චෝලෙ මගාවොට්  810ක් තියනවා.  සූර්ය බලය 650ක් තියනවා. එහෙමනම් ප්‍රශ්නය ඉවර වෙන්න ඕන නෙ. ඇත්තටම එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි. සුළඟ ජලය, හිරුඑලිය අපට පාලනය කරන්න පුලුවන් සාධක නොවෙයි. දවසකට පැය පහක් හයක් තමයි විදුලිය නිපදවන්න පුලුවන්. ස්ථාවර විදුලි ජනකයකින් නිපදවන ප්‍රමාණයෙන් සියයට විස්සක්. සුළං බලාගාර වල 270ක ධාරිතාවක් තියනවා තමයි. ඒත් සුළං නෑ. දැන් මෙගාවොට් 20ක්වත් දවසකට එන්නෙ නෑ. ජල විදුලිය තියනවා මෙගාවොට් 1700ක්. ඒත් වතුර නෑ. එන්නේ දවසකට මෙගාවොට් 300ට අඩුවෙන්.“

ඒ නිසා සිහින ලෝකවලින් ඉවත් වෙලා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් කියන දේ අහලා, ඒ සම්බන්ධව විශ්වාස තියලා අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්න. යම් ක්ෂේත්‍රයක විද්වතුන් කියන දේ අහන්නෙ නැති අගතිගාමී ගමන ඉවර වෙන්නෙ විනාශයකින්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හදවත් රෝගයකින් පෙළෙන ඔබ හෘද රෝග විශේෂඥයෙක් ලඟට මිසක් ගමේ කඩේ මුදලාලි ලඟට නොවෙයි නෙ.   වෘත්තිකයන් නොවිමසා විදුලිබල ක්ෂේත්‍රයෙ සැලසුම් කරන්නෙ බිස්නස් කාරයො එක්ක නම් එහි ප්‍රතිඵල ජාතියටම දරා ගන්න වේවි.

Exit mobile version