සිලෝන් බිස්කට් සමාගම බිහිකළ විශිෂ්යාට දිවි සැරියෙන් සමු ගනී….

සිලෝන් බිස්කට් සමාගම ආරම්භ කළ ශ්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාවසායකයෙක් මෙන්ම දේශීය සන්නාමයක් ජාත්‍යාන්තරයට රැගෙන ගිය විශිෂ්ටයෙක් වූ සිලෝන් බිස්කට් සමාගමේ හිටපු සභාපති මිනේක පී. වික්‍රමසිංහ අද(16) උදේ  දිවි සැරියෙන් සමුග ගත්තේය.

මිය යන විට හේ 86 වැනි වියේ පසුවූයේය.

වර්ෂ 1968 වසරේදී සිලෝන් බිස්කට්ස් සමාගම ආරම්භ කළ මිනේක පී. වික්‍රමසිංහයන්    වසර 48 ක කාලයක් එම ආයතනයේ සභාපති ධුරය දැරුවේය. ලංකාවේ බිස්කට් වෙළෙඳපලේ සියයට 50කට වඩා වැඩි භාරයක් දැරීමට හැකි ව්‍යාපාරයක් සේ  එම ආයතනය ගොඩනැගුවේ මිනේක වික්‍රමසිංගේ විශිෂ්ට කළමනාකරණය තුළය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 2016 දී ඔහු  දැරූ සිලෝන් බිස්කට්ස් සමාගම් සමූහයේ සභාපති ධූරයෙන් විශ්‍රාම ගත්තේය.


Exit mobile version