සිරිල් ගාමිණි පියතුමා සී.අයි.ඩී. යට කැඳවූ බව පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයකින් දන්වයි!

ගරු සිරිල් ගාමිණි පියතුමා අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් පසුගිය 25 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ල සම්බන්ධව විභාග කිරීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු වලට අදාල ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවීම සිදු කර ඇත.

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින්  කරන ලද මෙම පැමිණිල්ලට අදාලව ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ 01 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.


පසුගිය 23 දා සිරිල් ගාමිණි පියතුමා සහ රොහාන් සිල්වා පියතුමා ඇතුළු කතෝලික පූජකතුමන්ලා පිරිසක් පාස්කු ප්‍රහාරය තේමා කරගනිමින් සූම් තාක්ෂණය ඔස්සේ   ජාත්‍යාන්තර වැඩසටහනක්  පවත්වා, විදේශ රටවල සිටින ජනතාවට  රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී වන තමන් පිළිබඳ වැරදි තොරතුරු ඉදිරිපත් කර තමන්ගේ ජීවිතයට හා පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට හානි වන සේ ක්‍රියා කළබවට බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ නිකුත් කළ පොලිස් නිවේදනය පහත දැක්වේ.

Exit mobile version