සියවසක් පැරණි කුඹුක් ගසක් කැපූ කෝවිල් භාරකරුට නඩු…

දිනසේන රතුගමගේ –

වසර සීයකටත් වඩා  පැරණි  කුඹුක් ගසක් කැපීම සම්බන්ධයෙන් වවුනියාව වෛරවපුලියන්කුලම ආදී ගණේෂ්වර කෝවිලේ බාරකරුට එරෙහිව වවුනියාව පොලීසිය 30 දා   නඩු පවරා තිබේ.

කෝවිල් උත්සවයේදී රථය ඇදීමට අවහිර බව කියමින් කෝවිලේ ප්‍රධාන කුරුක්කල්වරයා විසින් ඔහුගේ අභිමතය මත මෙම ඉපැරණි විශාල ගස කපා දැමීමෙන් පසුව ගම්වාසීන් ඒ පිළිබදව පළාතේ ග්‍රාම නිලධාරීවරයාට පැමිණිලි කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ග්‍රාම නිලධාරීවරයා  සිද්ධිය පිළිබඳව වවුනියාව පොලීසියට දණුම් දීමෙන් පසුව පොලීසිය කුරුක්කල්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.


Exit mobile version