සියලු අන්තර්ජාතික නීති ක්‍රියාත්මක කර කිඹුලා ඇලේ ගුණා ලංකාවට ගෙන්වා ගන්නවා.

සාර්ක් සම්මුතියේත්,   ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ද්විපාර්ශ්වික ගිවිසුමේ විධිවිධාන ප්‍රකාරවත් දැනට ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව  සිටින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම  ජනාධිපතිවරයෙක් ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුලු අපරාධ ගණනාවකවකට වග කිවයුතු පුද්ගලයෙක් වූ  කිඹුලා ඇලේ ගුණා  නැවත ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කිඹුලා ඇලේ ගුණා යනු ජාත්‍යාන්තර රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවෙක් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ විවිධ අපරාධ සම්බන්ධයෙන් පලාගිය අය සම්බන්ධයෙන් ඉන්ටර්පෝල්  හරහා රතු වරෙන්තු 129 ක් මේ වනවිට නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


තහවුරුකළ වාර්තා ප්‍රකාරව ඔවුන් වැඩි දෙනෙක් රැඳී සිටින්නෙ ඩුබායි,  ඉන්දියා සහ යුරෝපීය රටවලය. පලාගිය 129 දෙනාගෙන් 40 දෙනෙකු ශ්‍රී ලංකාවේ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය    ලැයිස්තුවේ සිටින අය බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

රතු දැන්වීමක් යනු පිටුවහල් කිරීම, යටත් වීම හෝ ඒ හා සමාන නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු සොයාගෙන තාවකාලිකව අත්අඩංගුවට ගන්නා ලෙස ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් කරන ඉල්ලීමකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට ඉන්ටර්පෝල් හි සාමාජික රටවල් 194 ක් වේ.   ශ්‍රී ලංකාවේ ඉන්ටර්පෝල්  ශාඛාව රහස් පොලිසියේ ක්‍රියාත්මක වේ.

Exit mobile version