සියලුම රජයේ වියදම් සීමා කරන්න… ජනාධිපති ලේකම් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙයි!

Government Spending newspaper headline on assorted money

රට මුහුණපා ඇති ආර්ථික අභියෝගය ජයගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට සහායක් ලෙස රජයේ විදයම් සීමා කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛනයක් මගින් දැනුම් දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි සිදුකර තිබෙන මෙම දැනුම්දීමට අනුව වියදම් සීමා කිරිම කෙරෙහි දැඩි අවධානය  යොමු කරන ලෙස ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ අවශ්‍යතා අනුව වාහන භාවිතා කිරීමේ දී ඒ සම්බන්ධව දැනට තිබෙන ගිවිසුම් දීර්ඝ කරන්නේ නම් ඊට භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගැනීම, රජයේ කාර්යාල සඳහා පුද්ගලික අංශයෙන් ගොඩනැගිලි කුලියට බද්දට හෝ වෙනත් ක්‍රමයකට ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීම, කඩදාසි භාවිතය හැකිතාක් අඩු කිරීම, ඉන්ධන විදුලිය භාවිතයේ දී දැඩි පාලනයක් ඇතිකිරීම ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට වැඩි දුරටත් උපදෙස් දී තිබේ.

 

Exit mobile version