සියල්ල කැප කරලා ලංකාවට එන්න ඇවිත් ඩුබායි ගුවන්තොටුපලේ අනාථ වුණු මිනිස්සු…

පසුගිය ඔක්තෝබර් මස 7 දා රාත්‍රී 10.55 ට UL 226  ශ්‍රී ලoකන් ගුවන් යානයෙන් ඩුබායි සිට ලංකාවට ඒමට නියමිතව තිබූ මගීන් 248 ක් අවසන් මොහොතේ ගමන අවලoගු කිරීම හේතුවෙන් තවමත් එහි සිරව සිටිති.

මෙහි පැමිණීමට නියමිතව සිට් මගීන් එක් අයකු රුපියල් 61,000  ක් එක් අන්තයක් සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයට ශ්‍රී ලංකා ගුවන් සේවයටද රුපියල් එක් ලක්ෂ පනස් පන් දාහක් දින 14 ක් නිරෝධායනය වීම සඳහා රක්නා ලංකා සමාගමටද ගෙවා තිබේ. මෙම ගෙවීම් කර ඇත්තේ ඩොලර් වලිනි.

එහෙත් එහි ඒමට සිටි මඟීන් 7 දා  ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ශ්‍රී ලංකාවට එන ගුවන් ගමන් නතර කර දැමීමට ශ්‍රී ලoකා රජය තීරණය කර ඇති නිසා අදාල ගුවන් ගමන අවලංගු කර ඇතැයි දන්වා ඇත. සමහර මඟීන් එය දැන ගෙන ඇත්තේ ගුවන් තොටුපළට ගියාට ද පසුවය.


මෙහි ඒමට සිටි මඟීන්ගෙන් වැඩි පිරිසක් එහි සේවය නිමවා හෝ රැකියා හා බෝඩිං පවා අහිමිව බොහෝ අමාරුවෙන් මේ අවස්ථාව උදා කර ගත් අය වෙති.

හදිසි අවලංගුව නිසා ඇතැමුන්ට ආපසු ගොස් ඉන්න තැනක් හෝ තිබී නොමැත.

සමහරු තම බඩු මුට්ටු කාගෝ මගින් එවා දැන් ඒවා ශ්‍රී ලංකාවටද ළඟා වී ඇත.

අලුත්ම කතන්දරය වී ඇත්තේ මෙම 248 දෙනාටම අමතන රක්නාලංකා නියෝජිතයන් පවසන්නේ රජය විසින් මින් පසු නිරෝධායනය සඳහා යුද හමුදාව මගින් ගුවන් තොටුපලින්ම යවන බැවින් ඔවුන් ඒ සඳහා අය කරන මුදල එහිදී ගෙවන ලෙසයි.

එනිසා තමන්ට ගෙවූ මුදල ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ගිණුම් අoකයක් එවන ලෙස ඔවුන් දන්වා ඇත.

මෙයින් කබලෙන් ලිපට වැටුණු මේ පිරිස පවසන්නේ  අතේ තිබූ සියලු මුදල් තමන් වියදම් කර ඇති බැවින් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ගොස් මුදල් ආපසු ලබා ගන්නේ කෙසේද ගුවන් තොටුපලින්ම නිරෝධායනයට යොමු කරද්දී හෝටල් ගාස්තු එතැනදීම ගෙවන්නට තමන් අත මුදල් නොමැති බවය.

මේ අතර වාරයේ ගුවන් ගමන් දෙකක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතත් ඒවායේ පැමිණ ඇත්තේ තානාපති කාර්‍යාලයේ හිතවත් කම් අනුව ඒමට කටයුතු පිළියෙළ කොට ගත් වී අයි පී ලා පිරිසක් බවත් වාර්තා වේ.

මේ වන විට ශ්‍රී ලංකා තානාපති වරයා නිවාඩු ගොස් ඇති බැවින් අබුඩාබි තානාපති කාර්‍යාලයේ කටයුතු සිදු කෙරෙන්නේ එක් එක් අයට ඕනෑ විදියට බවත් පැවසේ.

මසකට වැඩි කලක් ඩුබායිහි අනාථව සිටින මෙම පිරිසට අමතරව ඒමට මුදල් පවා සොයා ගත නොහැකි තව පිරිසක් ඩුබායි උද්‍යානයේ රාත්‍රිය ගත කරති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අය අතර  ඩුබායිහි පාසල් ගිය සිසුන් 20 ක් පමණ සිට්තැයිද වාර්තා වේ. ඔවුන් එහි පාසල් වලින් අස් කරවා ගෙන ඇති අතර  ඔවුන්ට පාසලකට යාමේ අවස්ථාවද අහිමිව තිබේ

 

Exit mobile version