සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු තඹ කන්ටේනර් 370ක් රට පටවලා

තඹ විකුණා ගෙනා විදේශ විනිමය යොදවා තිබෙන්නේ අන්තවාදි වැඩවලට...

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන ඉන්ෂාෆ් අහමඩ්   තමන්ට හිමි කොලෝසස් නම් තඹ කර්මාන්ත ශාලාවෙන් 2012 සිට 2019 දක්වා තඹ කන්ටේනර් 370 ක් විදේශයන්ට අපනයනය කර ඇති බවද කොලොසස් සමාගමේ කලමණාකාර සනුන් මොහොමඩ් ඉෂාඩ් විසින් සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

මෙම අපනයන කටයුත්ත වෙනුවෙන් අවශ්‍ය නෛතික බලය ඔහුට ලබා දී තිබුණේ හිටපු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් අත්සන් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් ලත් කැබිනට් පත්‍රිකාවකිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම ඉන්ෂාෆ් අහමඩ්   විසින් පාස්කු ප්‍රහාරයට පෙර 2019 වසරේ ජනවාරි මස සිට අප්‍රේල් 18 දක්වා සිය බැංකු ගිණුමෙන් මිලියන 4.5 ක මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් හෙළි විය.  අබලි ලෝහ අපනයෙන් ලද මුදල් මේ පුද්ගලයා අන්තවාදී වැඩ සඳහා යෙදවූ බවත් කොමිසමේ දී කියැවිනි.


Exit mobile version