සිඟිති දරුවන් 03ක් ඇතුළු පවුල් දෙකක 06කට කොවිඩ්

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පවුල් දෙකක සිගිති දරුවන් තිදෙනෙක් ඇතුළු 06 දෙනෙක් කොවිඩ් ආසාදිත බව මීට ස්වල්ප වෙලාවකට පෙර තහවුරු වූයේය.

මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය පැවසුවේ උඩුගම්පල ප්‍රදේශයේ පවුලක මවක් සහ ඇයගේ  අවුරුදු 4 සහ 2 වයස්වල දරුවන් දෙදෙනාත්, මාතම්මන ප්‍රදේශයේ පවුල මවක්, අවුරුද්දක සිඟිති දරුවෙක් හා ඥාතියෙක් මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසාදිතයන් කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන නිරෝධායනය කර තිබුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය. මේ වනවිට ආසාදිත පිරිස අයි.ඩී.එච් රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කරමින්  තිබේ.


Exit mobile version