සිංහරාජ ජලාශය ඉදිවුනොත් ලෝක උරුමයේ හෙක්ටයාර 04ක් අනතුරේ… යුනෙස්කෝව කියයි..

සිදුවන බලපෑම ගැන ඇමතිවරයා දැනුවත් කළා... යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම්වරයා කියයි...

සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතව ඉදිකිරීමට යන ජලාශය  ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ   ලංකාගම මාදු ගැටේ ප්‍රදේශයෙන් ගිං ගඟ හරස් කරමින් බවත් ජලාශය ඉදි කිරීමේන සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ හෙක්ටයාර 04කට බලපෑම් එල්ල වන බවත්  යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

මෙම ජලාශය ඉදිකීරීමෙන්  පරිසර පද්ධතියට සිදුවන බලපෑම යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත විසින් අමාත්‍ය චමල් රාජපක්ෂ වෙත පෙන්වා දී  ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ජලාශය ඉදිකිරීම සුදුසු ද නැද්ද යන්න පිළිබඳ අවශ්‍ය මාර්ගොපදේශය  ලබා ගැනීමට පැරිස් නුවර පිහිටි ලෝක උරුම කමිටුවට ලිපියක් යොමු කර ඇතැයි මහාචාර්ය මීගස්වත්ත මාධ්‍යයට පවසා තිබිණි.


Exit mobile version