සෑම පැයකටම ශ්‍රි ලාංකිකයෝ 32ක් රට හැර යති!

රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය සහ අස්ථාවරත්වය හේතුවෙන්  මෙම වසර තුළ සෑම පැයකටම ශ්‍රි ලාංකිකයන් 32ක් විදේශ රැකියා අපේක්ෂාවෙන් ගුවන් ගත වන බව නවතම දත්ත පදනම්ව ද සන්ඩ් ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

ශ්‍රි ලංකා මහ බැංකුවේ බාහිර අංශ ක්‍රියාකාරකම් පිළිබඳව දත්ත සංඛ්‍යා ලේඛන උපුටා දක්වන මෙම වාර්තාව මඟින් අනාවරණය කරන්නේ දළ වශයෙන් සෑම දිනකම ශ්‍රි ලාංකිකයන් 777 දෙනකු විදේශ රැකියා අපේක්ෂාවන් රට හැර යන බවය.

මෙම අගය සෙසු වසරවල වසරේ පළමු දින 181 සමඟ සැසඳීමේදී සිව් ගුණයකට ආසන්න බවද ඒම වාර්තාවෙහි සඳහන් වෙයි.

මෙම දත්ත ශ්‍රි ලංකා මහ බැංකුව ඇතුළත් කර ඇත්තේ නිල වශෙයන් නීත්‍යනුකූලව විචේශගත වූවන් සම්බන්ධයෙන් වන අතර බෝට්ටුවල නැගී යුරෝපා රටවලට, ඔස්ට්‍රේලියාවට ගිය පිරිස මෙන්ම උතුරු පළාතෙන් බෝට්ටුවල නැගී දකුනු ඉන්දියාවට පලා ගිය පිරිසද ඇතුළු කළෙහාත් මෙම සංඛ්‍යා ලේඛන තවදුරටත් ඉහළ යනු ඇතැයි මෙම වාර්තාවේ තවදුරටත් පෙන්වා දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙම වසර තුළ පුද්ගලයන් 141000කට අධික ප්‍රමාණයක් රැකියා අපේක්ෂිතව නීත්‍යනුකූල ව විදේශ ගත වී ඇත.

Exit mobile version