සැඟවූ ආයුධ පෙන්වීමට ගිය තවත් සැකකරුවෙක් කටුනායක වගුරුබිමක දී පොලිසියෙන් වෙඩි කා නසී!

සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය සැකකරුවෙක්  අද (23) කටුනායක මාදුව වගුරු බිම් ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින්   මිය ගොස් ඇත.

අද උදෑසන 6 ට පමණ මීගමුව කොට්ඨාස පාතාල මර්ධන ඒකකය විසින් කළ වෙඩි තැබීමකින් ඝාතනය වී  ඇත්තේ  හීනටියන මිනුවන්ගොඩ පදිංචි බුද්ධික දිනේෂ් සෝමවංශ ද සිල්වා නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.  අද උදෑසන මෙම පුද්ගලයා මීගමුව කොට්ඨාස පාතාල මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව පොලිසිය කළ ප්‍රශ්න කිරීමේ දී  මාදුව වගුරුබිමක අත්බෝම්බයක් සහ පිස්තෝලයක් සඟවා තබා ඇතැයි සැකකරු  අනාවරණය කර ඇත. එම ආයුද සොයා ගැනීම සඳහා අදාල සැකකරු සමග එම ස්ථානයට ගිය අවස්ථාවේ දී සැකකරු විසින් සඟවා තැබූ අත් බෝම්බය පොලිස් නිලධාරීන්ට එල්ල කිරීමට උත්සාහ කළ බවත්   මේ උත්සාහයත් සමග පොලිසිය සැකකරු වෙඩි තැබූ බවත් පොලිසිය කියයි.


එම අත් බෝම්බය පුපුරා ගොස් නැති බැවින්     විශේෂ කාර්ය බලකායේ සෙබලුන් විසින් අද උදෑසන එය පුපුරුවා හැරි බව   පොලිසිය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මිය ගිය පුද්ගලයාගේ දේහය     මිගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

Exit mobile version