සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ නරක් වූ මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ…

සුමිත් පොතුපිටිය –

කළුතර ඉසුරු උයනේ නිවසක් තුළ සැක කටයුතු අන්දමින් මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කළුතර දකුණ ඉසුරු උයන 1 අංක 58 නිවසේ පදිංචිව සිටි 79 හැවිරිදි එම්.ජී පිලිපිනා පෙරේරා සහ 65 හැව්රිදි බී.වඩුගේ මේරි කැතරින් මැන්ඩිස් නමැති කාන්තාවන් දෙදෙනෙකු බවට හදුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇති කාන්තාවන් දෙදෙනා එම නිවසේ වසර විස්සක පමණ කාලයක සිට ජීවත්ව සිට ඇති අතර,
සතියකට හෝ දෙකකට පමණ පෙර මිය යන්නට ඇති බවට සැක පළ කරන බවද පොලිසිය සඳහන් කරයි.

නිවස දෙසින් අධික දුර්ගන්ධයක් හමන බැවින් ප්‍රදේශවාසීන් විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂාවේදී නිදන කාමරයක සහ මුළුතැන් ගෙයි තිබූ මළ සිරුරු දෙක හමුවූ බව ඇති බව සදහන් වේ.


මළසිරුරු දෙකම අධික ලෙස නරක් වී   තිබෙන බැවින් අවට නිවෙස් වල පදිංචිකරුවන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති අයුරු දැකගත හැකි විය.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදු කළ අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත මව පොලිසිය සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කලුතර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version