සාහිත්‍ය මාසය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශන සහන මිලට ඔන්ලයින් ක්‍රමයට…

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් අපේ රටේ පාඨකයින් සඳහා විශේෂ වට්ටම් සහිතව සහන මිලට මාර්ගගත ක්‍රමය ඔස්සේ පොත් අලෙවි කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාවට නන්වා ඇතැයි එම අරමුදල නිවේදනය කරයි.  

ඓතිහාසික,පුරාවිද්‍යත්මක,වාස්තුවිද්‍යත්මක සහ කලාත්මක ඉතාම වටිනා ග්‍රන්ථ රාශියක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ  සහන මිලකට ලබා දීමට කටයුතු කර ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.  

විශේෂ පර්යේෂණ කෘති, ළමා සාහිත්‍ය කෘති,පරිවර්තන කෘති,මාර්ගෝපදේශක කෘති,ඓතිහාසික විස්තර ඇතුලත් සිතියම්,පින්තූර,තැපැල්පත්,පෝස්ටර්,සහ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව ලියැවුණු සිංහල ඉංග්‍රීසි ග්‍රන්ථ රාශියක් මේ අතර වේ.


ඒ සමගම බටලීය ජාතික අනුරූ පාසල නිර්මාණය කළ විශිෂ්ඨ වර්ගයේ අනුරූ (replica) සහ විවිධ කලා නිර්මාණද (online) ක්‍රමවේද  මගින් මිලදී ගත හැකි බව පැවසේ. 

 විශිෂ්ඨ වර්ගයේ අනුරූ (replica),විවිධ කලා නිර්මාණ,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂ පර්යේෂණ කෘති, ළමා සාහිත්‍ය කෘති,පරිවර්තන කෘති, මාර්ගෝපදේශක කෘති ,ඓතිහාසික විස්තර ඇතුළත් සිතියම්, පින්තූර, තැපැල්පත්, පෝස්ටර්, සහ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව ලියැවුණු සිංහල ඉංග්‍රීසි ග්‍රන්ථ පිළිබඳ වැඩි විස්තර දුරකථන 077 4874081 සහ 071 0581723 Whatsapp අංකය ඔස්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ  නියෝජිතයෙක් හා සම්බන්ධවී ලබා ගත හැකි බවත්,https://www.facebook.com/Ccf.Centralculturalfund අපේ උරුමය නිල ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ලබා ගත හැකි බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල නිවේදනය කරයි.

Exit mobile version