සාරා ඇතුළු පාස්කු සැකකරුවන් 5ක් ගැන නීතිපති වෙනම විමර්ශන ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම්කර ඇති පුද්ගලයින් වන අබු හින්ද්, ලුක්මාන් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමඩ් හෙවත් අබු අබ්දුල්ලා, රිම්සාන් හා මහෙන්ද්‍රන් පුලස්තිනී හෙවත් සාරා ජස්මින් යන අයගේ සම්බන්ධන්තාව අනාවරණය කර ගැනීමට විමර්ශනය කළ යුතු බවට නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත අද (10) ලිඛිතව දැනුම් දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනෙවිය කියා සිටියේ, පසුගිය මාර්තු 8 වන දින මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා නීතිපතිවරයා අතර හමුවක් පැවති බවත් එහිදි නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයන් පිළිබඳ වර්තමාන තත්ත්වය පැහැදිලි කළ බවත් ය.

මෙම ප්‍රහාරයට වගකිවයුතු සියලුම පාර්ශ්වයන් නීතිය හමුවට ගෙනඒමට සම්පූර්ණ ප්‍රයත්නයක් යෙදවීමටත් නීතිපතිවරයා කටයුතු කරන බව එහිදී සදහන් කර තිබේ.


මේ වන විටත් පාස්කු කොමිෂන් වාර්තාවේ ඇති සාක්ෂි අධ්‍යයනය කිරීම සඳහා නීති නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් දැනට ඉදිරිපත් වී ඇති කරුණු අධ්‍යයනයට පත්කර ඇති බව ඇය කියාසිටියි.

ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම පාර්ශ්වයන්ට අදාළ යම් දිනෙක අධිචෝදනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කරුණු සළකා බැලීමට පෙර ප්‍රධාන කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු බව නීතිපතිවරයා පෙන්වා දෙයි. ඉන් එකක් වන්නේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන සියලුම විමර්ශන සම්පූර්ණ විය යුතුය යන්නය. අනෙක් කරුණ වන්නේ කොමිශන් සභාවේ සියලුම සාක්ෂි සටහන් නීතිපතිවරයාගේ අධ්‍යයනයට භාජනය විය යුතුය යන්නයි.

අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පහත කරුණු දැක්වීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පරිදි මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වු පාර්ශවයන්ට අවධානය යොමුවී ඇති තත්ත්වය සහ මෙම ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරු, කුමන්ත්‍රණකරුවන් සහ ඍජුවම හෝ අන්‍යාකාරයෙන් මෙම ප්‍රහාරයට ආධාර හා අනුබල දුන් පුද්ගලයින් ගැන නිශ්චිත තොරතුරු සහ සාක්ෂි අවසන් වාර්තාව ප්‍රකාරව අනාවරණය නොවන බැවින්, කොමිෂන් සභාව ඉදිරියේ මෙහෙයවන ලද සියලුම සාක්ෂි සටහන් අධ්‍යයනය කිරීමේ වැදගත්කම නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් සිදුවුණා.”

Exit mobile version