සාමාන්‍ය පෙළ කල් දමනවා ද නැද්ද – තීන්දුව ලබන සිකුරාදා…

මාස තුනකට පසු හෙට පාසල් යළි විවෘතයි....

කවීන් ද සිල්වා –

අපොස උසස්  පෙළ විභාගය කල් දමනවා ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය ලබන සිකුරාදා නිශ්ඡිත වශයෙන්ම ප්‍රකාශ කිරීමට හැකි බව  විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ලංකාසරට පැවසිය.

මේ සම්බන්ධව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාසල් දරුවන්ගෙන් මත විමසීමක් ආරම්භ කර තිබෙන බව පවසන ඔහු එම කටයුතු දින කීපයකින් අවසන් කිරිිිමෙන් පසු මෙය ප්‍රකාශ කරන බව තවුදුරටත් කියා සිටියේය.

මාස 03කට පසු දිවයිනේ පාසල් හෙට (6) විවෘත කරන අතර  ඒ අනුව  අපොස උසස් පෙළ, සාමන්‍ය පෙළ, ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පන්ති පමණක් හෙට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.


10 වසර හා 12 වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පන්ති මෙම මස 20දාත් 3,4,6,7,8,9 වසර වල පන්ති 27 වැනිදාත් , 1 සහ 2 වසරවල පන්ති අගෝස්තු 10 වැනිදාත් ආරම්භ වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උසස් පෙළ හා සමාන්‍ය පෙළ පන්ති පෙව.7.30 සිට පස්වරු3.30 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Exit mobile version