ස්වීඩනය තුල ඉස්ලාම් භක්තිකයින්ගේ ඉහළම පූජනීය ග්‍රන්ථය වන අල් කුරාණය ගිනි තැබීමත් සමඟම පාකිස්තානයේ පිහිටි කතෝලික පල්ලිවල නාකයින් විසින් තමන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ඉල්ලා තිබේ.
පසුගියා ස්වීඩනයේ ඇති වූ සිද්ධියත් සමඟස පාකිස්ථානයේ ක්‍රියාත්මක තහනම් සංවිධානයක් වන ලෂ්කාර්-ඊ-ජැන්ග්වි විසින් කතොලික පල්ලි වලට තර්ජන එල්ල කර ඇති බවට කතොලික නායකින් සඳහන් කරන බවට පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, පාකිස්තානයේ කතෝලික බිෂොප් සම්මේලනයේ නිලධාරියෙකු පැවසුවේ, යුක්තිය සහ සාමය සඳහා වූ ජාතික කොමිසම විසින් තහනම් කරන ලද ලෂ්කර්-ඊ-ජැන්ග්වි සංවිධානයේ තර්ජනාත්මක ප්‍රතිචාරවලට එරෙහිව බලධාරීන් දැනුවත් කර ඇති බවයි.
මෙහිදී පාකිස්තානයේ බිෂොප් සම්මේලනය සඳහන් කර සිටියේ අදාල තහනම් සංවිධානය විසිසන් තමන් විසින් කිතුනුවන්ට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමෙන් පළිගැනීමට කටයුයුත කරන බවත් පාකිස්තානය “ක්‍රිස්තියානි ආගමට අපායක්” කරන බවටද ප්‍රකාශ කර ඇති බවයි.
රදගුරු කොමිසමේ විධායක අධ්යක්ෂ නයීම් යූසුෆ් ගිල් පැවසුවේ ස්වීඩනයේ අල් කුර්ආනය ගිනි තැබීමේ සිද්ධිය පාකිස්තානයේ කතොලික පල්ලිය හෙළා දකින බවයි. “ආගමික සුළුතරයක් ලෙස, අපි සහෝදරත්වයෙන් සහ සාමයෙන් ජීවත් වන අතර සෑම විටම බහුතරයට සහාය දීමට කටයුතු කරනවා.” යනුවෙන්ද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
මීට පෙර ජූලි 3 වන දින, පාකිස්ථානයේ කිතුනුවන්ගේ ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ක්‍රිස්තියානින් 4,000 කට ආසන්න ප්‍රමාණයක් වාසය කරන දිස්ත්‍රික්කයේ – මදීනා නගරයේ – අන්තර් ආගමික සංවාද සහ කිතුනුවාදය සඳහා වූ කොමිෂන් සභාවේ ෆයිසලාබාද් රදගුරු පදවියේ අධ්යක්ෂ කාලිඩ් රෂීඩ් අසි පියතුමා පොලිස් නිලධාරීන් හමුවිය.
තම දේවස්ථාන, කන්‍යාරාම, පාසල් සහ අනෙකුත් දෙපාර්තමේන්තු වල ආරක්ෂාව සඳහා අදාළ පොලිස් ස්ථාන අමතන ලෙස ද ඔහු රදගුරු පදවියේ සියලුම පූජකවරුන්ගෙන් ඉල්ලා සිටි ඇත.