ස්වර්ගයේ සිට ධනංජය දෙස බලා සිටි ඒ දේව දූතයා…

“මට ඉහලින් බලාගෙන ඉන්න දේව දූතයෙක් ඉන්නවා. ඔහුට මා අමතන්නෙ තාත්තා කියලා…“

රටම තිගස්වමින් සාහසිකයෙක් විසින් සිය නිවස අසල දී ඝාතනය කළ සිය දයාබර පියාණන් සිහිකරමින් ධනංජය කඳුළු නන්වනය සටහනක් ලියා තැබුවේ ඊයේ රාත්‍රියේය. ඒ ලකුණු එකසිය පනහ නොදැවී ඉක්මවූ ඊයේ රාත්‍රියේය.

ඒ දේවදූතයා යළිත් ධනංජයට පමණක් නොව, ශ්‍රී ලංකා කණ්ඩායමටම ආශීර්වාද කළේය. දෙවන ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164ක සුපිරි ජයග්‍රහණයකින් නිමා කළේය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු  යවන්නෝ අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූහ.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු 10ම දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සහ රමේෂ් මෙන්ඩිස් සමත් වූහ.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් න්කෘමා බෝනර් පමණක් ලකුණු 44ක් ලැබුවේය.

පන්දු ඕවර 20.1ක් යැවූ ඇඹුල්දෙණිය ලකුණු 35කට කඩුලු 5ක් දවාගත්තේය.   රමේෂ් මෙන්ඩිස් ලකුණු 65කට කඩුලු 5ක් දවා ගත්තේය. මෙන්ඩිස් මෙම තරගයේදී කඩුලු 11ක් දවාගැනීමට සමත්විය.

අද තරගය අරඹන විට ලකුණු 328කට කඩුලු 8ක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම උදෑසන සිය දෙවැනි ඉනිම නිමාකළේ තවත් ලකුණු 17ක් මුළු ලකුණු ගණනට එකතු කිරීමෙන් පසුවය.

ධනංජය ද සිල්වා නොදැවී 155ත් ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 39කුත් සහිතව ශ්‍රී ලංකා ඉනිම බලාපොරොත්තු සහගත ලෙස ඔසවා තැබූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිකී ආතර් අද ශ්‍රී ලංකා පුහුණුකාර ධුරයෙන් සමු ගත්තේය. ඒ තරගාවලි ජයග්‍රහණයක නොමැකෙන සිහිවටනයක් හිමි කරමිනි.

Exit mobile version