ස්පුට්නික් පළමු මාත්‍රාව ගන්න වංගු ගැසූ පිරිස් හෙළි වෙයි….!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ව්‍යාජ ලිපිනයන් සහ හැඳුනුම්කම් භාවිතයෙන් ස්පුට්නික් එන්නත ලබා ගත් පිරිස් හෙළි වෙමින් ඇති බව වාර්තා වේ.

හෙලිවන පිරිදි සිද්ධිය මෙසේය.

ලංකාවට ලැබුණු ස්පුට්නික් වී පළමු මාත්‍රාව ලබා දීම ට රජයේ නියමය වී තිබුණේ, තෙල්දෙණිය , ගඟවට කෝරළය සහ මහනුවර නගර සභා සීමාව යන කොටස්වලට පමණි.

එම ප්‍රදේශයන්හි ස්ථිර පදිංචි ජනතාවට පමණක් එන්නත ලබා දුන් බවට පාරම්බෑවද මේවන විට ඉන් පිටස්තර වත්තේගම, දවුලගල , හාරිස්පත්තුව, යටිනුවර , අකුරණ , පාතදුම්බර, නුගවෙල , සෙනරත්ගම ආදි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ද දේශපාලන හැදුනුම්කම් මත ස්පුට්නික් එක මාත්‍රාව ලබා ගෙන තිබේ.

ජුනි පළමුවැනිදා සිට පස්වැනිදා තෙක් ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා ගත් පිරිස එක්ලක්ෂ පනස් දහසකි. මේ වන විට ස්පුට්නික් දෙවන මාත්‍රා ලැබී ඇත්තේ පහළොස්දහසක් පමණි.

පහළොස්දහසක් මාත්‍රා ලබා දීම සඳහා හැටට වැඩි පිරිස වෙත එම දෙවැනි මාත්‍රාව ලබා දීම මේ වන විට සිදු කරමින් පවතින අතර, දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා අවස්ථාව උදා කර ගැනීමට තැත් කරන සෙසු ප්‍රදේශවල පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු මේවන විට අනාවරණය වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියා සිටිති.

පළමු මාත්‍රාව රහසිගතව ලබා ගත් බැවින් දෙවැනි මාත්‍රාව ලබා ගැනීම සඳහා ඍජුව ඉදිරිපත් වීමට නොහැකි විශාල පිරිසක් මේ වන විට දෙවැනි මාත්‍රාව ලබා ගැනිම සදහා මගක් සොයමින් සිටින බව දැනගන්නට තිබේ.

Exit mobile version