සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…

දේශීයව නිපද වූ ප්‍රථම විකිරණ මාපක හා ආදර්ශන උපාංග කට්ටලය මෙයයි...

ශ්රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් සංවිධානය කල “සහසක් නිමැවුම් 2020” නව නිර්මාණ තරඟය සඳහා ශ්රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ න්යෂ්ටික යන්ත්රෝපකරණ විද්යාගාරය විසින් ඉදිරිපත් කර තිබු විකිරණමිතික හා විකිරණ ආදර්ශන උපාංග කට්ටලය සඳහා රන් සම්මානයක් හිමි වී තිබේ.
විද්යාත්මක නිළධාරී නිරෝධ රණසිංහ සමග ශ්රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ, විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයේ, තාක්ෂණික කණ්ඩායම වසර 03ක පමණ කාලයක් තුළ සිදු කරන ලද පර්යේෂණ  ප්රතිඵලයක් ලෙස එම කට්ටලය නිර්මාණය කර ඇත.
මෙම කට්ටලය තුළ පහත දක්වා ඇති විකිරණ මිනුම් සහ ආදර්ශන උපකරණ 03 අඩංගු වේ.
1. Radi Count නම් ගයිගර් මුලර් විකිරණ මාපක පර්යේෂණ උපකරණය
2. Radi Rate ගැමා කිරණ මාපකය
3. විද්යුත් වළා කුටීරය (Electric Cloud Chamber) නම් විකිරණ ආදර්ශන උපකරණය
මෙම උපාංග කට්ටලය විවෘත අංශයේ, භෞතික විද්යා කාණ්ඩය යටතේ “සහසක් නිමැවුම් 2020” තරඟයේදී රන් සම්මානය දිනාගෙන තිබේ.
මේ වන විටත් මෙම උපාංග කට්ටලය උසස් පෙළ භෞතික විද්යාව හදාරන දුවා දරුවන්ගේ භාවිතය සඳහා උතුරු පළාතේ පාසැල් 21 කට ලබාදී ඇති අතර, අධ්යාපන අමාත්යංශයේ සහයෝගය අනුව අනෙකුත් පාසැල් සඳහා ද එම කට්ටල ලබා දීමට කටයුතු කෙරෙමින් පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශීයව නිපද වූ ප්රථම විකිරණ මාපක හා ආදර්ශන උපාංග කට්ටලය මෙය වන අතර විදෙස් රටවලින් ආනයනය කරන උපකරණ වලට සාපේක්ෂව ඉතා ලාභදායීව, ඉහළ ප්රමිතියකින් යුක්තව නිෂ්පාදන කර ඇත. මෙම කට්ටලය නිර්මාණය කිරීම න්යෂ්ටික විද්යාව හා තාක්ෂණය පාසැල් සිසුන් තුල ප්රචලිත කිරීමට මනා පිටුවහලක් වී ඇත. මෙම උපාංග කට්ටලය පිලිබඳ වැඩිදුර විස්තර ශ්රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ. විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයෙන් ලබා ගත හැක

Exit mobile version