සහල් මිල ජවාරමුන්ට හිතූ මතේ වැඩිකළ හැකි වූ අයුරු විගණන කාර්යාලය හෙළි කරයි..

Stocks-of-rice


කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සහල් හිඟයක් පවතින කාලවලදී ආරක්ෂිත සහල් තොග පවත්වා ගනිමින් සහල්වල මිල පාලනයට ක්‍රියාත්මක කරගෙ ගිය වැඩසටහන අසාර්ථක වී ඇති බව විගණන කාර්යාලය පෙන්වා දී ඇත.

වර්ෂ 2012 සිට වර්ෂ 2019 දෙසැම්බර මස 31 දක්වා කාලසීමාව තුළ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ගබඩා කිසිවක් සතුව ආරක්ෂිත සහල් සංචිතයක් නොතිබුණු බව ද විගණන කාර්යාලය සිය වාර්තාවෙන් පෙන්වා දී සිටී.

ඒ අනුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටුකර ගැනීම පසෙක දමා වෙනත් පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල අරමුණු ඉටු කරලීම කර ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.

එසේම ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව පවතින ගබඩා සංකීර්ණ කුලියට ලබා දීමෙන් වර්ෂ 2019 දෙසැම්බර් 31 වනවිට අයකර ගැනීමට තිබූ බව කියන රපියල් කෝටි 11කට වඩා අධික මුදලක් අයකරගැනීමට සැලකිය යුතු පියවරක් ගෙන නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යෑම වෙනුවෙන් ගබඩා උපයෝජන කාර්ය සාධනය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් ඉදිරිපත් කරමින් ජාතික විගණන කාර්යාලය මේ බව දක්වා ඇත.

Exit mobile version